ටියුෂන් පන්තිවල බැනර්-කටවුට්වල නිත්‍යානුකුලභාවය ඔප්පු කරන්නැයි දින දෙයි..
February 6, 2019 at 2:06 am | lanka C news
උතුරු පළාත තුල ඇති සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තොරතුරු හා ඒවා පවත්වන ස්ථාන වල ඇති ඉඩම් වල අයිතීන් පිළිබඳව වාර්තාවක් මාර්තු මස 04 වන දිනට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රඝවන් මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී .
මේ පිලිබදව තොරතුරු හා ඉල්ලුම් පත්‍ර 2019.02.05 දින සිට www.np.gov.lk වෙබ් අඩවියෙන් හා 021 2231343 යන දුරකතනයෙන් ලබාගත හැක.
තවද නගර ආසන්නව ප්‍රදර්ශනය කරනු ලබන බැනර් හා විශාල ප්‍රමාණයේ කටුට් ඉදිරි සති දෙක කාලය ඇතුලත එහි අනන්‍යතාවය හා නිත්යානුකුලබාවය ප්‍රදර්ශනය කලයුතු වේ.
අනන්‍යතාවය හා නිත්යානුකුලබාවය ඔප්පු කරගැනීමට නොහැකි බැනර් හා කටුට් ගලවා ඉවත් කර එයට නිත්‍යයානුකුලව පියවර ගන්න ලෙසත්,පරිසරයේ අලංකාරය ආරක්ෂා කර ගනිමින් එය රැක ගැනීමට අවශ්‍යය පියවර ගන්නාමෙන්ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්යා ඒකකය
Remove all papers/ plastic cutout and banners …fix the big size Digital board ..then no sound, only display..good for the environment……….
Digital board can be a good option only if it is power by solar energy.