ටිරාන්ගේ නිවසේදී සජිත් හමුවුණාද..- විමල් පහදයි…

March 19, 2021 at 5:30 pm | lanka C news
ටිරාන්ගේ නිවසේදී සජිත් හමුවුණාද..- විමල් පහදයි…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තමන් අතර හමුවක් සිදුවූ බවට පලවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ මහතා විසින් මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මා අතර හමුවක් සිදු වූ බවට පළව ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්!

” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මා අතර හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී පසුගියදා සිදු වූ බවට නෙත් නිව්ස් ‘ කණින් කොණින්’ විශේෂාංගයෙහි පළව ඇති කරුණු සම්පූර්ණයෙන් බැහැර කරන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අවධාරණය කරමි.”

විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2021.03.19

40,919 views
Main News