ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපති

July 8, 2022 at 12:02 am | lanka C news
ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපති

තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එසේ මුදල් ලබා නොදුනහොත් රටටම ඉන්ධන නැති වනු ඇති බවත් හෙතෙම පැවසීය.

තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති නමුත් එම මුදල් ලබාදීමට නොහැකි වීම මත මහ බැංකුවට මුදල් අච්චු ගැසීම සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

තෙල් සංස්ථාව විසින් මෙම මුදල ඉල්ලා ඇත්තේ ඉන්ධන මිලට ගැනීමට අවශ්‍ය ඩොලර් මිලදී ගැනීමට බවත් පවසන ඔහු රටේ ඉන්ධන ලබා දීම හෝ මුදල් අච්චු ගැසීම යන්න තීරණය කිරීමට සිදුව ඇතැයි ද සඳහන් කළේය.

35,989 views

16 Comments to “ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපති”

  1. dil says:

    Please immediately have a new budget and have more tax income. So that there will be money for government. Money printing is extremely dangerous because of high inflation.

  2. PB says:

    ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙකකි චීනය සහ ඉන්දියාව. රුසියාව ලංකාවේ ප්‍රධාන තේ මිලදී ගන්නා රට වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් දරන රටකි – නව ලෝකයේ ගාමක බලවේගයකි.
    මේ මොහොතේ ලෝකයේ ස්ථාවරම හා ශක්තිමත්ම මූල්‍ය ඒකකය බවට පත්ව ඇත්තේ රුසියන් රූබලයයි. කොල්ලකාරී, අත්තනෝමතික ඩොලරයේ එල්ලී විදින අපා දුකෙන් මිදීම සඳහා ලංකාවේ ජනතාව වහාම රුසියන් රූබලය, චීන යුවානය සහ ඉන්දියන් රුපියල් ලංකාව තුල පිළිගත් මුදල් බවට පත් කරන්නට පාලකයන්ට සහ මහ බැංකුවට බලකල යුතුයි.එය අරගලයේ කොටසක් විය යුතුය.තමන්ව පෙලන, කොල්ලකන පාලකයන්ව එලවනවා හා සමගාමීව අපේ ආර්ථිකය පෙලන, කොල්ලකන ඩොලරය මෙල්ල කිරීමද සැබෑ අරගලයේ අත්‍යවශ්‍ය සාධකයකි.එය එසේ නොවන විට අරගලය පරිපූර්ණ නැති නොන්ඩි ගහන අංගවිකලයක් වේ.එවන් අරගලයක ප්‍රතිඵලය එක විකෘතියකින් තව විකෘතියකට මාරු වීම, පවතින අර්බුදයෙන් තවත් අර්බුදයකට වැටීම හෝ පවතින අර්බූදයේ තවතවත් එරී යාම පමණි. අවුරුදු 74ක් සිදු වූයේ එයයි.
    විද්‍යාත්මක සැබෑ පරිපූර්ණ අරගලය නියම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව පොලිට්බියුරෝවේ පිළිගැනීමයි

  3. ඇත්ත says:

    ඔබත් මහ බැංකුවේ සේවය කරපු ජේෂ්ඨ සේවකයෙක් නේ. අපි මේ හොඳයි නරකයි කියන හැම දේශපාලකයන් එක්ක හොඳ සබඳතාවයකින් වැඩ කරපු කෙනෙක් . ඒ කාලෙ ඔවුන් ට යටත් පහත්ව වැඩ කල ඔබ මේ තත්ත්වයට රට පත්වෙයි කියලා දැන දැනත් මහ බැංකු අධිපති තනතුර නොලැබුණු නිසා කනස්සල්ලෙන් රට දාලා යනවා.
    ඇත්තටම දැන් ඔබ තුමා නැවත පැමිනේන්නේ හොඳ දේශපාලන ආරාධිත පැකේජ් එකකට සහ තමුන් ගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරගන්න .
    ඔබටත් ස්වාධීනව කල හැකි දෙයක් නැත. දැනටත් ඔබ අගමැති ට සහ ජනාධිපති ට ” යස් සර් ” කියනවා හැර “නො සර් “නොකියනු ඇත. වක්‍රව ඔබත් වගකිව යුත්තෙකි.

Main News