ඊයේ පමණක් බිලියන 208.45 අච්චු ගහලා.. අලුත් ආණ්ඩුව ටි‍්‍රලියනයක් සල්ලි අච්චු ගහලා..

June 29, 2021 at 4:40 pm | lanka C news
ඊයේ පමණක් බිලියන 208.45 අච්චු ගහලා.. අලුත් ආණ්ඩුව ටි‍්‍රලියනයක් සල්ලි අච්චු ගහලා..

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල ඊයේ දින වන විට මෙරට අච්චු ගසන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවන බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට අච්චු ගසා ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් 1,128,000,000,000 යයිද ඒ මහතා පවසයි.

‘සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්’ යන හිසින් යුතුව ඔහුගේ සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක මේ බව දැක්වෙයි.

මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

මෙම මුදල දිනක් ඇතුලත මුද‍්‍රණය කරන ලද වැඩිම මුදල් ප‍්‍රමාණය යයිද එම වාර්තා දැක්වෙයි.

61,511 views

17 Comments to “ඊයේ පමණක් බිලියන 208.45 අච්චු ගහලා.. අලුත් ආණ්ඩුව ටි‍්‍රලියනයක් සල්ලි අච්චු ගහලා..”

  1. Asanga says:

    සල්ලි අච්චුගහන එක හොඳ දෙයක් නොවෙයි. නමුත්, කොරෝනා නිසා ආණ්ඩුවට සල්ලි එන්නේ නැහැ PCR, 5000 දීමනා වගේ වියදම වැඩියි. ඒ නිසා මේ අවස්ථාවේ අච්චුගහනවා හැර වෙන විකල්පයක් නැතුව ඇති. හරි තොරතුරු නොදැන නිකන්ම ආණ්ඩුවට බනින එක වැරදියි. කොයි එකටත් හොඳම විසඳුම ජනතාව පරිස්සම් වෙලා කොරෝනා නැතිකරන එක. ඉන් පිට නම් විසඳුමක් පේන්න නැහැ.

  2. janaka says:

    ටැක්ස් තව අඩු කරන්න
    ණයට දෙන්නෙ නැත්නම් ප්‍රින්ට් කරල පඩි ගෙවන්න

  3. N.Wimaladasa says:

    This man (MP ) of Champika Ranawaka is an engineering person; he has not study an Economist line of thinking of Financially, Monetary and Fiscal policies in locally or Globally by own reading of World Economics. .
    Let him(Champike) gain more knowledge of development and growth of GDP of Economy and its shifting into New Global Order of New Capital Market came into being since last year of 2020. World Economy has rapidly shifting new era after which si result of Covid 19 of ongoing Padametice .

    • aniwa says:

      aniwa bro, what does this man know. you sounds like a very intelligent person.
      you can join Gota sir and prosper the country.

Main News