ටී.එන්.ඒ. කඩන්න ආව සූර්යා වේලාසනින්ම වැටෙන ලකුණු….

January 1, 2018 at 8:02 am | lanka C news
ටී.එන්.ඒ. කඩන්න ආව සූර්යා වේලාසනින්ම වැටෙන ලකුණු….

සූර්යා ලකුණු යටතේ ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඒකාබද්ධව බිහිකළ දෙමළ ජාතික විමුක්ති සන්ධානය පක්ෂය බිඳ වැටෙන ලකුණු පහළ වි ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් අනාවරණය වෙයි.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතා අතර හටගත් අර්බුදය හේතුවෙන් පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දෙකඩවීමට නියමිත බවටයි.

ශිවශක්ති ආනන්දන් මහතා වව්නියාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර, ශිවශක්ති ආනන්දන් මහතා තමන්ගේ සමීපතමයෙක් වව්නියාව නගරාධිපති අපේක්ෂක වශයෙන් තෝරා ගැනීමට කටයුතු කොට ඇති අතර, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතා ඊට එරෙහි වී තිබීම මෙම ගැටලුවට හේතු වී ඇත.

ශිවශක්ති ආනන්දන් මහතාගේ තීරණය තමන් පිළිනොගන්නා බවට ආනන්ද සංගරී මහතා පවසා ඇති අතර,එහිදි ආනන්ද සංගරී මහතා පවසා ඇත්තේ ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය සමඟ කටයුතු කිරීම ගැටළු සහගත වි ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති පිළිගත නොහැකි බවට පවසමින් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව නව සන්ධානයක් බිහි කිරීමට කටයුතු කරනු ලැබීය.

පවතින ගැටළුව සම්බන්ධයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ නව සන්ධානය තුළ යම් යම් අර්බුද හටගෙන ඇති බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19 views

One Comment to “ටී.එන්.ඒ. කඩන්න ආව සූර්යා වේලාසනින්ම වැටෙන ලකුණු….”

  1. lion says:

    සූර්යා ලකුන මිනීමරු පිරපාකරන්ගේ මෙය තහනම් කල යුතුය

Main News