ටෙන්ඩර් නෑ.. තක්සේරු නෑ.. හම්බන්තොට වරාය විකුණන්න ඩොලර් මිලියන පහක් අත්තිකාරම් ගනී..
January 16, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රීලංකා ඉතිහාසයේ පලමු වරට රටේ ජාතික සම්පතක් වන මෙහෙයුම් තත්වයේ ඇති අති නවීන උපාංගවලින් සමන්විත අලුත්ම වරායක් ඇතුළු ඉඩම් අක්කර 15000 ක් රජයේ සියලු ප්‍රසම්පාදන නිති රිති උල්ලංඝනය කොට නිතී විරෝධී ලෙස වරාය අධිකාරියේ අනුදැනුමකින් තොරව, විකිණීමට ක්‍රියා කොට ඇත්තේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් පි ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් Cabinet secretary සුමිත් අබේසිංහ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර යන ලේකම්වරුන් ය.
රජයේ පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ද, ශ්‍රීලංකා වරාය අධිකාරියේ 1979 අංක 51 දරණ පනතේ විධි විධානවලට පටහැනිව ද , ශ්‍රීලංකා වරාය අධිකාරි සතු දේපලක් වන හම්බන්තොට වරාය ඇතුළු දේපල මෙන්ම, එහි කාර්යය සහ කර්තව්‍යය මෙන්ම හම්බන්තොට අවට රජයේ මෙන්ම පෞද්ගලික ඉඩම් අක්කර 15000 ක්, එහි අයිතිය 80% ක් වසර 99 ක් හෝ ඊට වැඩි කාලයකට හිමිවන පරිදි, චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමටත් ඉතිරි 20% අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනිමටත් යටත්ව හවුල් ව්‍යපාරයක් ආරම්භ කිරිමට පසු ගියදා ගිවිසුමකට එලබුනි.
මෙම ගිවිසුම පසුගිය දෙසැම්බර් මාසයේදී අදාළ සමාගමනත් සමඟ අත්සන් කොට ඇ.ඩොලර් මිලියන 5 ක ( රුපියල් මිලියන 750 ක) අත්තිකාරම් මුදලක් ලබාගෙන එම ගනුදෙනුව ස්ථිර කොට ඇත. මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ මෙම නීති විරෝධී ගනුදෙනුවේ සියලු කටයුතු නිමා කොට අති බවයි.
එහෙත් මේසා විශාල රාජ්‍ය දේපලක් දීර්ඝ කාලිනව එනම් වසර 99 X 2 = 198 කට බදු දීමට හෝ විකිණීමට අදාළව රජයේ පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කොට නොමැත. අවම වශයෙන් මෙතරම් වටිනා දේපලක් වෙනුවෙන් වානිජ මෙන්ම ඉඩමේ වර්තමාන සහ අනාගත වටිනාකම සඳහා රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කොට වාර්තාවක් ද ලබාගෙන නොමැත.
හම්බන්තොට වරාය වීකිණිම හා අක්කර 15000 ක් චීන සමාගමකට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහ, වරාය අධිකාරිය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදි කරුණු දක්වමින් කියා සිටියේ චීන සමාගම සමඟ මෙම ගිවිසුම අත්සන් කිරිමේදී වරාය විෂය භාර අමාත්‍යවරයාගේ අනු දැනුමකින් තොරව මෙම ගනුදෙනුව කර ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම වගඋත්තරකරුවන් ලෙස PUBLIC INTEREST LITIGATION යටතේ රජයේ නිලධාරින් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් පි ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් Cabinet secretary සුමිත් අබේසිංහ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර යන ලේකම්වරුන් ඔහුනට පුද්ගලික වනසේ ද නම් කොට ඇත.
Stealing from the Government is a serious offence. Generally speaking, as the value of the property you unlawfully obtained increases, so does your punishment, if you are ultimately convicted.
ලෝකයේ මෙච්චර හොරකම් කල රාජ්‍ය නිලධාරින් සහ ආණ්ඩුවේ දේශපාලන තක්කඩීන් හිටපු ආණ්ඩුවක් ශ්‍රීලංකා ඉතිහාසයේම නැහ. මේක තමයි මුන්ගේ යහපාලන ටොපිය ජනතාව දුන්න.
ඔය සමරතුංගයා තමයි ඕකේ මහ මොලකාරයා, ඌ මහින්ද රාජපක්ෂගේ කාලයෙත් පෙට්‍රෝලියම් අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉන්නකම් අනුර ප්‍රියදර්ශන යාපාගේ නෑයා වන රෝහාන් ඊරියගොල්ල එක්ක හොඳට හොරකම් කලා. බාල තෙල් රටට ගෙනාපු එකේ ඩීල් එක දැම්මෙත් මූ තමයි.
“ආප්ප කාලා ආව මට නැවතත් ආප්ප කන්න යන එක මහ වැඩක් නෙමෙයි…” – සිරිසේන
ජාතික සම්පත් විකුණා කන මුන්ට කුණු පනුවෝ ගහලා මැරෙන්න ඕනේ.
හම්බන්තොට අපේ අහිංසක සහෝදරයන් අද හිරේ ඉන්නේ තොපි නිසා බලමු අපේ ආණ්ඩුවක් ආපු දවසක……………..
යටිපතුල් ඉරා ඊට ලුණු වැලි දමා බොරළු මත ඇවිද්වීම. මෙයට දෙන දඩුවම
වදමල් පළදවා, වද බෙර ගසමින් වීදිවල ඇවිද්වීම.මෙයට සම්බන්ද සියලු දෙනාටම කල යුතුය
මේ වගේ වසලයන්ට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්,
These three secreteries are doing doggy work for keeping posts. We must punished them in depth when YAMAPALANA end in this year