ටෙන්ඩර් මගඩි සමාගමෙන් ඇමති චම්පිකගේ නිවස අලුත්වැඩියා කර දෙයි.. කෙරවලපිටියේ භාවනා කරන්න කාමරයකුත් හදා දෙයි..

February 28, 2019 at 6:26 am | lanka C news
ටෙන්ඩර් මගඩි සමාගමෙන් ඇමති චම්පිකගේ නිවස අලුත්වැඩියා කර දෙයි.. කෙරවලපිටියේ භාවනා කරන්න කාමරයකුත් හදා දෙයි..

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඔ. 01

ජනාධිපතිතුමනි,

කෙරවලපිටිය විදුලිබලාගාර ටෙන්ඩරය සම්බන්ධව සොයා බැලීම සදහා ඔබතුමා විසින් පත් කරන ලද කමිටුව සම්බන්ධව.

ආන්දෝලානාත්මක කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්භාවික විදුලිබලාගාර ටෙන්ඩරය පිළිබදව සොයා බැලීම සදහා ඔබතුමා විසින් අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අප සංවිධානයේ ස්තුතිය ඔබතුමා වෙත පළකරමු.

කැබිනට් මණ්ඩල විසින් උක්ත ටෙන්ඩරය අදාල සමාගමට ලබා දීමට පෙර ඔබතුමා විසින් එම කමිටුව පත්කළේ නම් ඉතා අගනා බව අපේ හැගීමයි.කෙසේ වෙතත් ජනාධිපතිතුමනි එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීම සම්බන්ධයෙන් අපගේ විරෝධය  ප්‍රකාශ කරමු.

කිසියම් කමිටුවක ස්වාධීනත්වය අප මෙන්ම ඔබතුමා ද අපේක්ෂා කරන බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ඔබ තුමා විසින් එම කමිටුව සදහා පාඨලී චම්පික රණවක මහතාව පත් කිරීම මගින් එම කමිටුවේ ස්වාධීනත්වයට බාධා සිදුව ඇත.අප සංවිධානය එසේ ප්‍රකාශ කරන්නේ අදාල ටෙන්ඩරයට සෘජුවම සම්බන්ධ පාර්ශවකරුවෙකු වන ලක්දනවි සමාගමට අනුබද්ධ ආයතනයක් වන LTL සමාගම විසින් පාඨලී චම්පික අමාත්‍යවරයාගේ නිවස මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත.

එපමණක් නොව තවද කෙරවලපිටි දැනට ඉදිකර ඇති ලක්දනවි බලාගාරයේ පාඨලී චම්පික අමාත්‍යවරයාට භාවනා කිරීම සදහා වෙනම කුටියක් ඉදිකර ඇත ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමතිවරයා එම කමිටුව නියෝජනය කිරීම මගින් සම්බන්ධතා අතර ගැටුමක් නිර්මාණය වී ඇත. ගැමි භාෂාවෙන් කිවහොත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමකි. තවද මෙරට ගල්අගුරු බලාගාර පිළිබදව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇත.

එබැවින් උක්ත කමිටුව සදහා ඔබතුමා විසින් යෝජනා කර ඇති පාඨලී චම්පික අමාත්‍යවරයා ඉවත් කර ඒ වෙනුවට සාගර රත්නායක අමාත්‍යවරයා හැර වෙනත් අමාත්‍යවරයෙක් පත් කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ-
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

311 views
Main News