ටෙලිකොම් වෙතින් සමාජ ජාලා නොමිලේ.. ලයිස්තුව මෙන්න.. Mobitel ද සූදානම්..

March 22, 2020 at 1:20 pm | lanka C news
ටෙලිකොම් වෙතින් සමාජ ජාලා නොමිලේ.. ලයිස්තුව මෙන්න.. Mobitel ද සූදානම්..

ඇතිවී තිබෙන තත්වය මත ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් තම පාරිභෝගිකයන් වෙත Facebook, WhatsApp, Viber, Messenger, imo, I Messenger යන සමාජ මාධ්‍ය නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත.

ඔහු සිත තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහන පැකේජයට සහයක් වෙමින්, හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා සන්නිවේදන ආයතන හරහා ඉදිරි දින කීපය තුළ මහජනතාවට ලබා දිය හැකි සහන පිලිබඳ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිර්ති පෙරේරා මහතා හා Mobitel ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සමග දුරකථනය හරහා සාකච්චාවක නිරත වුණෙමි.“

“ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර PEOTV GO ජාලය දත්ත හරහා සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීමට තීරණය වූනි. මෙය දැනටමත් ක්‍රියාත්මක වනු ඇත.“

“ශ්‍රීලංකා මොබිටෙල් ආයතනය හරහාද මේ සහන මෙම කාලය තුළ ලබාදීමට ඉල්ලීම් සිදු කළෙමි. එම ආයතනයද ඉදිරි පැය කීපය තුල අප දැනුවත් කරනු ඇත, අනෙකුත් පෞද්ගලික සන්නිවේදන ආයතනද ඉදිරි දින කීපය තුළ සහන ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.“

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය

6,854 views

29 Comments to “ටෙලිකොම් වෙතින් සමාජ ජාලා නොමිලේ.. ලයිස්තුව මෙන්න.. Mobitel ද සූදානම්..”

  1. sanasuma says:

    සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට ගත් තීරණයේ ප්‍රතිඵල මුලු රටටම හෙට දවසේ දකින්න ලැබේවි. ඉතා විශාල සමාජ මෙහෙවරක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණශීලීව ඉටුකරන්න මේක හොඳ අවස්ථාවක්. දක්ෂයිනි මේ ඔබේ වාරයයි.

  2. TS says:

    මොනවහරි නිකන් දෙනව කිව්වත් ඒකෙ දකින්නෙ වරදක්මයි.
    මේක සින්හලයගෙ හැටියක්. තමන් ගත්තු පැකේජ් එකේ තියන ඩේටා ප්‍රමානය නොදැන මුලදි තියන ඔක්කොම දේවල් ඩව්න්ලෝඩ් කරගෙන මාසෙ අන්තිමට කෑගහනව ඩේටා හොරකන් කරල කියල.

  3. Kari Pakaya Ai Gemada says:

    Mona reddak hari bn Corona raten giyoth athi bn

  4. analyst says:

    Slfp aanduwak thiyana hinda hondai dan minusu corona kiyapu gaman super market eketa gihilla kama beema puravagena awilla kanawa bonawa ,nikamata hithanna jr,premadasa lalith ,gamini wage minusu inna unp gavicha aandu kaale corana ehema awilla thibunoth, ara supurudu paridi unp aandu awama athi wena saginna degunayak wela( ara croton kola kanna kiyanne), minusu dan kunu bakki adala kana thathweta path wela athi.

Main News