ටෙලිකොම් වෙත සයිබර් ප‍්‍රහාරක්.. ෆෝල්ඩර් අරින්න කප්පම් ඉල්ලයි..

May 25, 2020 at 2:10 pm | lanka C news
ටෙලිකොම් වෙත සයිබර් ප‍්‍රහාරක්.. ෆෝල්ඩර් අරින්න කප්පම් ඉල්ලයි..

ලෝක ව්‍යාප්ත තර්ජනයක් ලෙස හඳුන්වනු ලබන ‘සොඩ්නොකිබ්’ නමැති කප්පම් මෘදුකාංගය යොදා එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට එල්ල වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරයෙන් පසුව ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩා පද්ධතිය (සර්වර්)කිහිපයක් ටෙලිකොම් ආයතනය විසින්ම ක්‍රියාවිරහිත කරනු ලැබීය. එසේ ක්‍රියාවිරහිත කර ඇත්තේ අභ්‍යන්තර මෘදුකාංගවලට හානි සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහාය.

නිවසේ සිට සේවය කරන ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට එහි පරිගණක ආරක්ෂණ පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමත් සමග හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත.

මේ හේතුවෙන් සෙනසුරාදා (23දා) සිට ටෙලිකොම් නිලධාරීන්ට පරිගණක මගින් ආයතන පරිගණක දත්ත පද්ධතියට ඇතුළු නොවන ලෙස දන්වා තිබිණි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මගින් අධි අවධානම් මට්ටමේ සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු හඟවන්නේත් මෙම ප්‍රහාරය එල්ල වූ ඉකුත් 23දාමය.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන හැකර්වරුන් විසින් ලිපිගොනු සහ ෆෝල්ඩර කියවිය නොහැකි ලෙස ඒවා තම ග්‍රහණයට ගෙන යථාවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය පෙන්වා දී ඇත.

මෙම කප්පම් මෘදුකාංගයේ එකම අරමුණ අහඹු දිගුවකින් ලිපිගොනු සංකේතනය කර ගොනු නැවත ලබා ගැනීම සඳහා කප්පම් මුදලක් ඉල්ලා සිටීම බවද ඔවුහු පෙන්වා දෙති.

සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ සොචිෆොකිබ් වෛරසය විදුලි සංදේශ සේවා සපයන ෆිති සමාගම් සහ තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සමාගම් රැසකට පහර දී ඇති බවත්, එමගින් සේවා කඩාකප්පල් කිරීම හා තොරතුරු අහිමි කිරීමත් බවය.

ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ අන්තර් ජාල දත්ත ඉක්මනින් කපාහැරීමක් සිදුවන බවට සයිබර් ප්‍රහාරයෙන් පසුව පාරිභෝගිකයන් දිගින් දිගටම පැමිණිලි කර තිබිණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අභ්‍යන්තර මෙහෙයුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පණිවිඩයක් ටෙලිකොම් වෙබ් අඩවයේ පළ කර තිබිණි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා ද ඇනහිට ඇත.

මේ අනුව 1212 සහ 0112121212 යන පාරිභෝගික සේවා දුරකථන අංකයන්ද 23, 24 දෙදින ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා ටෙලිකොම් පාරිභෝගිකයන් ද මහත් අපහසුතාවන්ට පත්ව සිටිති. එස්.එල්.ටී. වෙබ් අඩවියෙන් ද පාරිභෝගික සේවා ලබා ගැනීමට නොහැකි අතර ටෙලිකොම් ආයතනයේ සේවකයින් පවසන්නේ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එහි පරිගණක ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි තත්තවයක් මතුව ඇති බවයි.

– aruna

100 views

21 Comments to “ටෙලිකොම් වෙත සයිබර් ප‍්‍රහාරක්.. ෆෝල්ඩර් අරින්න කප්පම් ඉල්ලයි..”

  1. Love nature says:

    වසර 2500 ක් අපේ බුදුදහම අපි රැක ගත්තේ පරිගණක නිසාද බුද්දියක් ඇති බෞද්ද මිනිස් මොලයට මේ හැමදෙයක්ම පරදිනබව දැන්වත් දැනගනිල්ලා.

    • අයියෝ හැහැම රෙද්දටම බුද්ධාගම අල්ලාගෙන කන්න හහදන්න එපා. හැම ආගමේම කියලා තියෙන්නේ හොද දේවල් කරන්න කියලා.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    සර්වර්ස් ටික සේරම ගලවල එකතැනකට ගෙනල්ල , වටේටම ලවුස් පීකර් හයි කරලා , පුළුවන් තරම් හයියෙන් රතන සූත්‍රය උදේ හවස එක දිගටම දින හතක් දාන්න ඕනෑ. පටන් ගන්න කලින් මියුසික් එක්ක තියෙන අළුත් පන්නයේ කවිබණ කිහිපයකුත් දමන්න ඕනෑ… අට වෙනි දවසේ උදේට පාස්වර්ඩ් නොමැතිව ෆෝල්ඩර්ස් ඕපන් වෙන හැටි කාට කාටත් බලාගන්න හැකිවේවි

    • GU-VP PUNCHI AMMA says:

      Malliye ube amage redda ussal puk gatta kadanna janatawa pelagassuwanam hodai neda ballo

      • සහාරාන් says:

        මල්ලි වැරැද්ද තියෙන්නෙ නුඹ ගෙ නොවේ …. අම්මා ට හොරෙන් බාගෙට කරපු එකාගේ

        • පී යූ කේ ඉරාජ් says:

          පොහොට්ටුවට චන්දය දෙන උගත් බුද්දිමත් ජනතාව දන්නව රතන සුත්‍රයෙ වටිනාකම. කොරෝනා විතරක් නෙවේ පරිගනක වයිරස් වුනත් ඒකෙන් මර්දනය කරන්න පුලුවන්.

    • Nilantha Fernando says:

      ගොන් ආතල්..

      • Love nature says:

        @වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ්…..(.වෛරස් මොහොමඩ්)
        බුද්ධිය නැත්තෝ කෙසේනම් බුදු දහම තේරුම් ගනීද ?ගැඹුරුවූ සත්දහම ඉවතලන මෙවන්වූ කාලයක ඔබ වන්නන් අපේ සමාජයේ බහුලව සිටි
        දහම් මඟ විවර කරන්නට අසීරුකම් බොහෝමයි… විවිධාකාර මත දරමින් උරණ වන පිරිස බොහෝමයි… එහෙත් බුදු වදන කොතරම් ප්‍රබලද… ඒ බුදු වදන තුල ගැබ් වන ශක්තිය කොතරම් අසිරිමත්දැයි අත්දකින විට නිවෙමින් සැනසෙමින් තවත් සිත් සනසාලන්නටැයි බුදු හිමියන් මඟ පාදනවා… ඒ තෙරුවණෙන් නිසි බලය..මේ බෞද්ධ රටක් එහි ජිවත් වෙමින් බුදු දහමට නිගා කරන්න එපා ….උබලා වැනි පුද්ගලයින් සමාජයට පිළිලයක්

        • aselaravin says:

          කරුණාකරලා අපිට පිරිත් මහා හය්යියෙන් අස්සවන්න ඕනි නැහැ …අපි ඕනිනම් අහන්නම් …අපිට පාඩුවේ නිදාගන්න දීපල්ලා බුදු දහමටත් නිගා කරන්නේ නැතුව

        • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

          බූරුවා … සිංහල තේරෙනවා නම් යන්තමින් හරි , යූ ට්යුබ් එකේ “සමස්ත සිතුවම ” කියලා සර්ච් කරලා එන බණ ටික පිළිවෙලකට අහපන්.. සාසනේ කන චීවරය ධාරියන්ගෙයි , නිවන් දකින්න පැවිදි උනු බුද්ධ පුත්‍රයන්ගෙයි වෙනස තේරේවි…
          උඹලා තමා උප්පැන්නෙට බෞද්ධයෝ..

    • Jaan says:

      අල්ලගෙන් අහපන් පාස්වර්ඩ් නැතුව අරින්නෙ කොහොමදකියල. බුද්දාගමට නිගරුකරන්නෙ නැතුව.

      • john the baptice says:

        අල්ලගෙන් ඇහුව එයා කියනව රතන සූත්‍රය දාන්නලු.

        • john the baptice says:

          අල්ලාහ් දැන් covid 19 බයේ පැනලා ගිහින් ,උබ හීනෙන් දොඩෝනවද ?

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      දායක සභාව කලබල වෙන්ට කාරි නෑ… විශ්වයේ පවතින සියල්ල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර න්‍යායන්ට අනුවයි සිදුවෙන්නේ. සතර මහා භූත පවා යටටි ඒ න්‍යායන්ට. එසේ සිදුවන්නේ සෑම දෙයක්ම නිර්මිත පරමාණු වලට ඒ ඒ ශක්තියක් ඇති බැවිනි. එබැවින් “රතන සූත්‍රය කොරෝනා මර්ධනය කරන්නට යොදා ගත්තු ආකාරයෙන්ම” සර්වර්ස් වල ෆෝල්ඩර් ඩීක්‍රිප්ට් කරන්න ඕනෑ කී එක සොයාගැනීම වෙනුවෙන් භාවිතාකරන්න පුළුවන්. ( බොරු නම් මහානායක හාමුදුරුවරුන්ගෙන් ගිහින් විමසන්න )

  3. Chinthana says:

    “Awamangala” should be in somewher there….

  4. Naveen says:

    SLT eke un horata data kapala eka gana minissu ehen mehen danagatta ta passe gahuwa game ekak SLT website eka hack kala kiyalaaa anna ehemai thena thena katha wenne

  5. Billa says:

    ශ්‍රීලංකා ටෙලිකොම් ෆය්බර් ඔප්ටික්ස් සම්බන්ධතා අපට ලබාදුන්නේ අන්ලිමිටඩ් පැකේජ් විධියටයි. නමුත් ටික කලක් ගියපසු SLT අපේ data සීමා කළා. මේවා ත්‍රස්තවාදී වැඩ. මොකහරි ඔය hacker, please release unlimited data us. And remove all billing details from this uncivilized SLT.

    • කසුන් says:

      ඔව් ඔබ හරි, මෙවුන් කරන්නෙත් රටේ ජනතාවගේ මුදල් සූරං කන එකම තමයි, ලිමිට් පැන්න කියලා ඩේටා ස්ලෝ කරලා බිල්ස් එවනවා, මේක මේ ලගදි ඉන්දලා පටන් ගත්ත මගඩියක්, ඔයි හැකර් ප්‍රහාරය ඇත්ත බොරු අපි දන්නෙ නෑ, තවත් ඇන්දිල්ලක් ද දන්නෙත් නෑ.කොහොම උනත් මේකත් අර ඩයලොග් ගානටම ඇවිල්ල තින්නෙ. මිනිස්සු ටෙලිකොම්/මොබිටෙල් සේවා ගැන තිබ්බ විශ්වාසය ඉවරයි දැන්.

  6. රස්තියාදුකාරයා says:

    බුකියේ සමහර කමෙන්ටු කියවන්ඩත් බෑ, පිළිකුල් සහගතයි. නමුත් ඒවයෙත් ඇත්තක් පෙනෙනවා….”……ඉස්සර නම් බල්ලෝ බත් කති.දැන් නම් ගූ පමණක් කති.”

  7. Sam says:

    මෙක බොරුවක් විය හැක. පාරිභෝගිකයන් සුරා කලා එක මාට්ටු උනාහම ගහන ගෙමක් විය හැක. අර මැයි මාසෙ හදපු විදුලි බිල වගෙ මෙකත් ගසා කැමක් විය හැක.

  8. Kalana says:

    කාලකන්නි SLT , FIBER OPTICS දාල මංකොල්ල කෑව , දැන් ගෙවපියව්. පෙරේරේතයන්.

Main News