ටෙලිකොම් සභාපති ශෂින්ද‍්‍ර රාජපක්‍ෂ..?

December 14, 2019 at 6:28 am | lanka C news
ටෙලිකොම් සභාපති ශෂින්ද‍්‍ර රාජපක්‍ෂ..?

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට ඇමති චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන ශෂින්ද‍්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට යන්නේ යැයි මාධ්‍ය වාර්තා පළ වේ.

ශෂින්ද‍්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම එම ධුරයේ කටයුතු කිරීමට සූදානම් නැති බවයි.

එමෙන්ම තමන් ඒ සදහා කිසිවකු විසින් යෝජනා කර නැති බවද ඔහු සඳහන් කළේය.

පළවන මාධ්‍ය වාර්තා විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගේ අනුදැනුම මත සිදු කරන අසත්‍ය ප්‍රවෘත්ති බවද ඔහු කියා සිටියේය.

ධුරයක් ලබා ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන්නේ නැතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

1,087 views
Main News