ටෙලිකොම් සරසවියේ ඉතා වටිනා ගස් කපා විකුණන ජාවාරමක්..
June 5, 2017 at 4:40 pm | lanka C news
ටෙලිකොම් සරසවිය පිහිටි පාදුක්ක මිපේ භූමියේ අක්කර 16ක පමණ ඉඩමේ ඇති ඉතා වටිනා ගස් කපා අලෙවි කිරිමේ ජාවරමක් සිදු වන බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
කොස්, බුරුත, මිල්ල, මහෝගනී ඇතුළු වටිනාකමෙන් ඉහල ගස් වර්ග කපා විකුණමින් සිටින බවට එම වාර්තාවෙන්හි දැක්වෙයි.
ටෙලිකොම් ආරක්ෂකයින් මෙන්ම සරසවියට වෙනම ආරක්ෂකයින්ද සිටියදී මෙම කටයුත්ත සිදුවන්නේ යයි සදහන්ය.