ටෙලිපොන් අපේක්‍ෂකයෙකුගේ වාහනයේ හැපී පාපැදිකරු එතැනම මිය යයි…

July 23, 2020 at 6:32 am | lanka C news

මෙම මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයෙකුගේ වාහනයක හැපී පාපැදිකරුවෙකු මරණයට පත්වී තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කුලියාපිටිය කඹුරාපොල පාසල් හන්දිය ආසන්නයේදීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු වන රිස්වි ජව්හර්ෂාර්ගේ වාහනය මෙසේ අනතුරට පත් වී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ අදාල ජීප් රථය අධික වේගයෙන් ගමන් ගනිද්දී එහි ගැටුනු පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

142 views
Main News