ටෙලිපෝනයට රනිල්ගෙන් තවත් බාල්දියක්.. මැතිවරණ නීතිය කඩලා.. පැමිණිලි කරයි..

July 8, 2020 at 3:00 pm | lanka C news
ටෙලිපෝනයට රනිල්ගෙන් තවත් බාල්දියක්.. මැතිවරණ නීතිය කඩලා.. පැමිණිලි කරයි..

එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව මැතිවරණ කොම්ෂන් සභාවට පැමිණිලි කර ඇත.

ඔවුන් පැමිණිලි කර ඇත්තේ සමගි ජන බලවේගය විසින් භාවිතා කරමින් ඇති වර්ණය සම්බන්ධයෙන් විරෝධය දක්වමිනි.

මැතිවරණ කොමිසම විසින් ඔවුනට ලබා දී ඇති වර්ණය නිල් වන නමුත් ඔවුන් භාවිතා කරමින් සිටින්නේ කොළපාට බවත් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.

මෙය නීති විරෝධී කටයුත්තක් බවත් එනිසා මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

128 views
Main News