ටෙලිපෝනය ලේක්හවුස් බලය අල්ලමින්.. ප්‍රථම වැටුපෙන් කැපෙන වෘත්තීය සමිතියක්.. පොහොට්ටුවන් රැසක් එක්වෙති..

January 21, 2022 at 11:20 am | lanka C news
ටෙලිපෝනය ලේක්හවුස් බලය අල්ලමින්.. ප්‍රථම වැටුපෙන් කැපෙන වෘත්තීය සමිතියක්.. පොහොට්ටුවන් රැසක් එක්වෙති..

ලංකාවේ නව දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගයේ ප්‍රථම වැටුපෙන් සාමාජික මුදල් අය කරනු ලබන වෘත්තීය සමිතිය ලෙස ලේක්හවුස් ආයතනයේ වෘත්තීය සමිතිය පිහිටුවා ඇති බව ලේක්හවුස් සේවකයන් පවසයි.

ඒ අනුව 2022 ජනවාරි මස වැටුපෙන් සමගි ජනබලවේගයේ වෘත්තීය සමිතිය සදහා මුදල් වැටුපෙන් අඩු කර තිබේ.

ලේක්හවුස් ටෙලිෆෝන් වෘත්තීය සමිතිය සදහා අනුමැතිය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුබාෂ් කරැණාරත්න මහතා විසිනි. එම පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිතියකි.

මෙම ටෙලිෆෝන් වෘත්තීය සමිතිය සිදු කළ ඉල්ලීමකට අනුව ලේක්හවුස් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම වෘත්තීය සමිතිය සදහා අනුමැතිය ලබා දී තිබේ. එම වෘත්තීය සමිතිය පිහිටුවා ඇත්තේ සාමාජිකයන් 240 කගේ ආරම්භක සාමාජිකත්වයෙනි.

මේ අතරතුර පාලනාධිකාරිය ගැන කලකිරීම නිසා පොහොට්ටුවේ වෘත්තීය සමිතියේ සාමාජිකයන් 50 පමණ ටෙලිෆෝන් වෘත්තීය සමිතියේ සමිතියේ සමාජිකත්වය ලබා තිබේ. එක්තරා අධ්‍යක්ෂවරයකු විසින් පොහොට්ටුවේ සාමාජිකයන්ට සේවා දීර්ඝ ලබා නොදෙමින් සමගි ජන බලවේගයේ සහ ශ්‍රී.ල.නි.ප සාමාජිකයින්ට සේවා දීර්ඝ සහ වැටුප් වැඩිවීම් ලබා දීම නිසා කලකිරීම නිසා පොහොට්ටුවේ සමාජිකයන් පක්ෂය අතහැර යන බවට ලේක්හවුස්පො හොට්ටුවේ නිලධාරීන්ගෙන් විසින් පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය සටහන් පවා තබා තිබෙන බව ලේක්හවුස් සේවකයන් පවසති.

ලේක්හවුස් පොහොට්ටුවේ සමාජිකයන්ට සිදුවන අසාධාරණයන් නිසා මේ වන විට පාලනාධිකාරිය සහ ලේක්හවුස් පොහොට්ටුවේ වෘත්තීය සමිතිය අතර ප්බල ගැටුමක් හට ගෙන ඈති බවද ලේක්හවුස් සේවකයන් පවසති.

– repoter

74,530 views

8 Comments to “ටෙලිපෝනය ලේක්හවුස් බලය අල්ලමින්.. ප්‍රථම වැටුපෙන් කැපෙන වෘත්තීය සමිතියක්.. පොහොට්ටුවන් රැසක් එක්වෙති..”

  1. SL says:

    මේ කාලකන්නි වුර්තිය සමිති තියෙන කල් රාජ්‍ය ආයතන ගොඩගන්නවා, ගොඩගන්න උත්සහ කරනවා බොරු.
    සාටකය, අනුර කුමාර ලපය, පැකනිල් යන ප*යන් සියලු දෙනා උන්ගේ පැවැත්ම උදෙසා මේ ගැන වද නොවෙති.

  2. බූරු පුතා says:

    ඊලඟ මැතිවරණයෙන් ටෙලිපෝන් පක්ෂයට ඇපත් නැතිවෙන පාටයි. බූරුවන් නායකයෙක් විදිහට ඉන්න පක්ෂයක් බලය අල්ලන්න නම් චන්ද දායකයනුත් බූරුවන් වෙන්න එපැයි. මේ සමිතිය තාවකාලික ජොලියක් විතරයි.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා මචෝ මුන්ගෙ දවල් හීන.

    • Ravi says:

      2019,2020 ත් බූරුවන් නායකයෝ වෙච්ච පක්ෂයකට ඡන්ද දීපු බූරුවෝ හිටපු ඒකේ ඕකත් වෙන්න බැරි කමක් නැහැ.

  3. dev says:

    kalakanni teliphone karyao

  4. Laki says:

    රාජපස්ස පිහිනා ලේක්හවුසිය රටට කිසිම වැඩක් නෑ.