ටෙලි නළුවා සැපටම ගංජා ජාවාරමේ.. තොගයක් සමගින් පොලිස් අත්අඩංගුවට..

October 4, 2018 at 1:20 pm | lanka C news
ටෙලි නළුවා සැපටම ගංජා ජාවාරමේ.. තොගයක් සමගින් පොලිස් අත්අඩංගුවට..

කාලයක් තිස්සේ කේරල ගංජා ජාවාරම් කරන්නේ යයි වාර්තා වී තිබූ ටෙලි නාට්‍ය නළුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මගී ප‍්‍රවාහන බස්රථවලින් කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගංජා ප්‍රවාහනය සිදුකර ඇති බවට වාර්තා වේ.

ඊයේ දිනයේ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලදී මෙම පුද්ගලයාගේ ගමන්මල්ල පරීක්ෂාකර බැලීමේදී එහි තිබූ ගංජා තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

තම නළුකම ප්‍රයෝජනයට ගනිමින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇතැයි පොලීසිය සදහන් කරයි.

111 views
Main News