ටෙලෝ නායකයා යාපනයේදී සමරයි..

May 11, 2020 at 2:05 am | lanka C news
ටෙලෝ නායකයා යාපනයේදී සමරයි..

1986 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ටෙලෝ පක්ෂයේ හිටපු නායක ශ්‍රී සභාරත්නම්ගේ 34 වැනි ගුණ සැමරුම යාපනයේ ස්ථාන කිහිපයකදී සමරණු ලැබීය.

ශ්‍රී සභාරත්නම් යාපනය කෝපායි ප්‍රදේශයේදී 1986 මැයි මස 05 වනදා කොටි සංවිධානයේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අතර මෙතෙක් වාර්ෂිකව ටෙලෝ නායකයාගේ ගුණ සැමරුම එම පක්ෂ නායකයින් හා සාමාජිකයින් විසින් සිදු සිදු කලහ.

මේ අනව යාපනය නල්ලූර් , කෝපායි, උරුම්පිරායි ප්‍රදේශයන්හි වත්මන් ටෙලෝ පක්ෂ සාමාජිකයින් වූ එම.කේ. සිවාජිලිංගම්, වින්දන් කනගරත්නම් , කේ. සුරෙන් ඇතුලු පිරිසක් විසින් හිටපු ටෙලෝ නායකයාගේ 34 වැනි ගුණ සැමරුම් වෙනුවෙන් සහභාගී වූහ.

ටෙලෝ නායකයාගේ ගුණ සැමරුම් පවතින කොරෝණා අවධානම හේතුවෙන් උත්සවාකාරයෙන් සිදු නොකල අතර ඉතා අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සංවිධායක වරුන් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,881 Viewers
Main News