ටොන් බාගයකට වැඩි මාළුවෙක් ධීවර දැලකට හසුවේ…

November 12, 2017 at 12:40 pm | lanka C news
ටොන් බාගයකට වැඩි මාළුවෙක් ධීවර දැලකට හසුවේ…

කිලො 500 කට වැඩි බරින් යුක්ත තිත් මඩුවා නැමති මුහුදු මාලුවෙකු මන්නාරම් පේසාලෙයි වන්කාලෙයි මුහුදු තීරයේදී ධීවරයින්ගේ දැලකට හසුව තිබූ බවට මන්නාරම් ධීවරයින් කියා සිටියහ.

මෙම මාලුවා ධීවරයින්ගේ දැලකට හසුව තිබූ අතර ධීවරයින් දැල් පරික්ෂා කිරීමට යන අවස්ථාව වන විටත් මාලුවා මිය ගොස් සිටි බවටද ධීවරයින් කියා සිටියහ.

පසුව තිත්මඩුවා ගොඩට ගෙන ඒමෙන් පසුව ට්‍රැක්ටරයක පටවාගෙන ධීවරයින් විසින් වීදි සංචාරයක නිරත වූ අතර මාලුවා දැක බලා ගැනීමට දහසකට අධික පිරිසක් පැමිණි සිටියහ.

මේ අයුරින් මන්නාරම තාවල්පාඩු මුහුදු තීරයේදී දැවන්ත මත්ස්‍යෙයකු හසුව සිටි බවත් එම මාලුවාද මිය ගොස් තිබියදී ධීවරයින්ට හමුව ඇති අතර ධීවර දැල්වල ඇති විෂ සහිත භාවය නිසා මෙම මසුන් මිය යන බවටද ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,564 Viewers

7 Comments to “ටොන් බාගයකට වැඩි මාළුවෙක් ධීවර දැලකට හසුවේ…”

  1. mp says:

    This is a whale shark… the largest fish in the world. a full grown one is about 10m (30 feet) long. people should watch some documentaries on TV rather than shit dramas…!!!

  2. Karu says:

    අරන් පලයල්ල ඕක අපේ ගෙදෙට්ට.(ප්‍රා-ජිත )

  3. M.P. Kumara says:

    It is a “whale shark” (Rhincodon typus). In sinhala it is called “Mini-muthu-mora / Minimuththa).

    It is a totally innocent animal that leave in the ocean for several decades. This animal doesn’t have teeth and doesn’t eat fish. It has a large flat mouth for filtering water to eat plankton.

    This is a threatened species as it has been listed on IUCN Redlist (http://www.iucnredlist.org/details/19488/0).
    As far as I know, people do not eat the meat of this fish.

    • කිරි මෝරා says:

      හරියටම හරි.රතු දත්ත ලේඛනයේ ඉන්න අහිoසක සතෙක්.මරා දැමීම අපරාධයක් .

  4. Saradiel says:

    මාලුවා නහින්නේ කටනිසාලු යමපාලනය නහින්නේ මේ අලුත් අය වැය නිසාලු