ටොනාඩෝවකින් ගාල්ල, නෙළුව වහලවල් ගැලවී යයි..[Photo]

April 10, 2018 at 3:50 pm | lanka C news
ටොනාඩෝවකින් ගාල්ල, නෙළුව වහලවල් ගැලවී යයි..[Photo]

ගාල්ල නෙළුව මහකන්ද ප්‍රදේශයට ඊයේ (09) සවස 2.30 පමණ වැස්සත් සමග බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ තේ කර්මාන්තශාලවකට සහ අවට නිවාස කිහිපයකට හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ආඩාරදෙණිය තේ කම්හල් සමුහයේ ප්‍රධාන කාර්යාලයට සහ කර්මාන්තශාලාවට ඉන් දැඩි ලෙස හානි වී ඇත.

පරිඝනක ආධාරයෙන් ක්‍රියාකරන තේ නැටි ඉවත් කිරීමේ යන්ත්‍ර 20න් 11 බරපතළ හානි සිදුවී ඇති බවද කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ වෙත්තිනිගේ ගුණරත්න මහතා පැවසු අතර හානිය මේ වනතුරු ගණනය කර නොමැති බවද පැවසීය.කර්මාන්ත ශාලාව අවට නිවාස 8 කට මේ හේතුවෙන් හානිවී ඇත.

සිද්දිය දුටු කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසන්නේ එක්වරම ඇතිවූ සුළඟත් සමග කර්මාන්ත ශාලාවේ වහලය ඉස්සී එහි සවිකර තිබු තහඩු ගැලවී ඇඹරී ගිය බවයි.

මේ හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සියල්ලක්ම පහේ ඇනහිට ඇති අතර අවුරුදු සමයේ එකතුවූ සකසන ලද තේ කිලෝ 65000 පමණ ජලයෙන් හානිවී ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

– ප්‍රියංකර  ගමගේ

298 views

3 Comments to “ටොනාඩෝවකින් ගාල්ල, නෙළුව වහලවල් ගැලවී යයි..[Photo]”

  1. Gunaruwan says:

    Ekama distrikkaya wunata Galla thiyenne eka ahaka, Neluwa thiyenne thawath ahaka. meka nikan Kolomba Labugama kiwa wage thamayi.

  2. Nim says:

    ME KALAKANNI RAJAYA
    PATHWU DINAYE SITA
    MAGE RATATA SEDUWUNA SWABAVIKA VIPATH
    KOPAMANADA?
    THERUWAN SARANIG DEVE PIHITAN
    HAKI EKMANING
    SUBA VENASAK WEWA.

  3. Gotaimbara says:

    I fully agree with Nim. Sooner the better.

Main News