ටෝකන් පෝලිම ගාලගෝටියක් වෙයි… හමුදාව-පොලිසිය කැදවයි..

June 29, 2022 at 6:20 pm | lanka C news
ටෝකන් පෝලිම ගාලගෝටියක් වෙයි… හමුදාව-පොලිසිය කැදවයි..

හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් තුනේම දින ගණනාවක් සිට පෙට්‍රල් ඉන්ධන නොමැති විම හමුවේ පෙට්‍රල් වාහන හිමියන්  (29) දින දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් (29) දින අලුයම සිට පොලිම් වල රැදි සිටි පිරිස යුධ හමුදා භට පිරිස් විසින් නිකුත් කරනු ලබන ටොකන්පත ලබා ගැනිමට යාමේදි පොලිම් වලට පිටතින් පැමිණ ටොකන්පත් ලබාගැනිමට උත්සහ කිරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

දෙපාර්ශවය අතර ඇති වු උණුසුම් තත්ත්වය හේතුවෙන් යුධ හමුදා භට පිරිස් විසින් ටොකන්පත් නිකුත් කිරිමට නතර කිරිමට පියවර ගැනිමත් සමග පසුව ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය සමථයකට පත් විය.

මේ අතර හැටන් ලංගම ඩිපෝව මගින් පෞද්ගලික බස් රථ සදහා තවදුරටත් සිමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කරන අතර , ඉන්ධන ලබාගැනිමට යාමේදි හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් සේවකයන් බිමත්ව පැමිණ පෞද්ගලික බස් රථ රියදුරන්ට පරුෂ වචයෙන් බැන වදිමින් කෙනෙහිලිකම් සිදු කරන බවට පෞද්ගලික බස් රථ හිමියන් චෝදනා කර සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

20,420 views

5 Comments to “ටෝකන් පෝලිම ගාලගෝටියක් වෙයි… හමුදාව-පොලිසිය කැදවයි..”

  1. පබිලිස් says:

    අනීවාර්යෙන්ම රජයෙ සේවකයන් ට ඉන්ධන ටෝකන් සේවකයන් ගේ කාර්‍යාල ට ගෙනත් බාබාරදිය යුතුයි

  2. Sandun Dhammika says:

    As I always told you guys,
    We need to call US marine forces !
    Our President is a US citizen. so may be he could call US marine forces man.

  3. atta says:

    උන්ට බොන්නත් සල්ලි තියෙනව නම් තෙල් ගනන් ගියා ම මොකද වෙන්නේ? උන්ට තෙල් වෙනුවට අරක්කු එන්ජිමට දාන්න ක්‍රමයක් හදා දුන්නම නරකද? තෙල් අර්බුදය අවසන්.

  4. token system eka kochara kal duwai da. dan tken gatha nathi ayata thel gahananma widiyak nadda

  5. yogaretreat says:

    meeta wada honda wiidyak mekata hadanna one.

Main News