ඩඩ්ලිගේ මිලට හාල් නැති බව පාරිභෝගිකයෝ මැසිවිලි නගයි. වැඩිමිලට අලෙවි කරන්නන් ජනාධිපති අණින් වටලයි.
March 1, 2017 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ සහෝදරයෙකු වන ප්‍රධාන පෙලේ හාල් මෝල් හිමි ඩඩ්ලි සිරිසේන පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් තමා විසින්ම කොළඹ තරු පහේ හෝටලයක පවත්වමින් පැවසුවේ පෙබරවාරි 20 වෙනිදායින් පසු දේශිය නිශ්පාදිත හාල් කිලෝවක් රුපියල් 5 ක් අඩුකොට රුපියල් 90 කක් දිවයින පුරා ලබාදීමට කටයුතු කරන බවයි.
එහෙත් රටේ මේ වනවිට විශාල හාල් අර්බුදයක් ඇතිවී තිබේ. සමාන්‍ය හාල් කිලෝවක් රුපියල් 95 සිට ඉහළට ඇති අතර රජය විසින් සහල් සඳහා පාලන මිලක් ඇති කොට සතොස හරහා හාල් කිලෝ 5 බැගින් රුපියල් 72 ක ලබාදීමට කටයුතු කලත් බොහෝ ප්‍රදේශවල එය සාර්ථකව වී නොමැත. නිසියාකාරව එය ක්‍රියාත්මක නොවන්නේ සහල් මෝල් මෆියා කරුවන් විසින්ම මේ වනවිට පිටරටින් රුපියල් 50 කට වැනි අඩු මුදලකට විශාල වශයෙන් හාල් තොග ආනයනය කොට එහි එකාධිකාරය ද ප්‍රධාන පෙලේ මොල් හිමියන් ගේ මාෆියාව විසින් ඩැගගෙන ඇති බැවිනි.
මේ අතර දේශිය වී ගොවියා සමගව වගකියන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම ආණ්ඩුවේ වී අලෙවිය සම්බන්ධ වගකීම භාරව සිටින ග්‍රාමීය කර්මාන්ත හා පශු සම්පත් අමාත්‍ය පී හැරිසන් යන අමාත්‍යවරුන් මේ සම්බන්ධව මුණිවත රකි.
කෙසේ වෙතත් ජනාධිපති සොහොයුරු පොලොන්නරුවේ ප්‍රධාන පෙලේ හාල් මෝල් හිමි ඩඩ්ලි සිරිසේන මහතා ද තම සොහොයුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් සාධාරණ මිලකට බත් කන මිනිස්සුන්ට සහල් දීමට උත්සහ ගත්තත් මෙතෙක් එම ප්රශ්නය විසදීමට අදාළ බලධාරීන් විසින් ප්‍රායෝගික විසඳුමක් ගෙන නොමැති බවට දිවයිනේ සෑම ප්රදේශයකින්ම පැමිණිලි ගලා එමින් පවති.