ඩඩ්ලිගේ වාරය එයි.. වෙලද අමාත්‍යංශයට ගොස් ඇමතිලා, නිලධාරීන් දණ ගස්වයි.. රටට කන්න සහල් රටින් ගෙන්වන්න යයි..

September 18, 2020 at 10:13 pm | lanka C news
ඩඩ්ලිගේ වාරය එයි.. වෙලද අමාත්‍යංශයට ගොස් ඇමතිලා, නිලධාරීන් දණ ගස්වයි.. රටට කන්න සහල් රටින් ගෙන්වන්න යයි..

වෙලද පොලේ පවතින සහල් මිල සම්බන්ධයෙන්සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේ දී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතින.

ඒ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් සහභාගී වූහ.

එහිදී අමාත්‍යංශ නිලධාරීන් පෙන්වා දුන්නේ තමන් සතුව ඇති සංඛ්‍යා ලේඛණ අනුව රට තුළ කිසිම සහල් හිගයක් නැති බවයි.

රට තුළ මේ වන විට වී තොග සඟවා ගෙන ඇති බවත් එසේ නොමැතිව සහල් හිගයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ කොතැනක හෝ ලංකාවේ සගවා ඇතැයි කියන සහල් හෝ වී තොග පෙන්වන්නැයි අභියෝග කරන බවයි.

ඇමැති බන්දුල ගුණවර්ධනගේ ද ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ සංඛ්‍යා ලේඛන වල ඇති නිෂ්පාදනය මෙරට තුළ නැති බවයි.

මෙරට වැඩිම වී තොග ඇත්තේ තමාට සතුව වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙළඳ අමාත්‍යාංශය පවසන සංඛ්‍යාලේඛන මත කිසිසේත්ම මෙරට තුල වී අස්වැන්නක් නොමැති බවද ඔහු කියා සිටියේය.

අවසානයේ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යාපාරිකයන් සඟවාගෙන සිටින සහල් තොග එළියට දමන්නේ නැතිනම් විදේශයන්ගෙන් සහල් මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් පමණ ගෙන්වීමට සිදු වෙන බවයි.

101,755 views

21 Comments to “ඩඩ්ලිගේ වාරය එයි.. වෙලද අමාත්‍යංශයට ගොස් ඇමතිලා, නිලධාරීන් දණ ගස්වයි.. රටට කන්න සහල් රටින් ගෙන්වන්න යයි..”

  1. Asaranaya says:

    game kade pol 150, sahal 120, polthel 500 mas,malu, kiri bittara unta pamanayi. hond bread 150/kundasale sunrise balanna/kaarawala halmessan unta witharayi
    MINISSU HOOLLANAWA. HEBEYI 20 SAMMATHA KIREEMA THAMA PALAMU WEDE THOPIT HENA HATHAKMA WEDIIIIIIIIIYAN

  2. vahapala says:

    හංගපු වී තොග තියෙන්නේ මුන්ගේ ගබඩා වල නොවේ ඒවා තියෙන්නේ මුන්ගේ නය වලට හිලව් වෙන්න වී ගෙවන වී ගොවියෝ ගාව, වී වලින් නය ගෙවන වී ගොවියා ගාවට වෙලාවට ලොරිය ආවහම වී ටික පටවන් යනවා එතකන් ඒවා වී ගොවියෝ ගාවම තියෙනෙවා

  3. හෙළයා says:

    වී වගා කරන දිස්ත්‍රික්ක 10ක වත් හමුදාව මගින් පාලනය වන වී මෝල් 10ක් හා ගබඩා 10ක් බැගින් පවත්වමු.

  4. sunimal says:

    මත් කුඩු අල්ලනවා වගේ හංගපු හාල් තොගත් අල්ලන්න පුලුවන් බල්ලන් හෝ සුකරයන් මෙයට පුහුණුකළ යුතුය.

  5. Gajaba says:

    HAMUDAAWA LAWA WEE TIKA KOTANU …

  6. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    කවමදාවත් මැරෙන්නෙ නෑ කියලා සල්ලි කඳු ගණන් හම්බ කරන එවුන් ඊළඟ ආත්මවල හිඟන්නන් වෙලයි උපදින්නෙ

  7. නිළමේ says:

    ඩඩ්ලි ගිය උඩ…..

  8. මගෙ රට says:

    ගොවි ජන එකෙන් හරියට වීප්‍රමාණය කියනවද සැකයි