ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට..?

February 3, 2019 at 3:24 am | lanka C news
ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට..?

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සමඟ ශ්‍රී ල.නි.ප.ය සන්ධාන ගතවීමේදි සිරිසේන පවුලේ අයට සාධාරණය ඉටුවිය යුතු යයි සිය සමීපතම දේශපාලන උපදේශකයන් සමඟ ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

එසේ නොවන්නේ නම් තමුන්ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව හෙතෙම සිය දේශපාලන උපදේශකයන් සමඟ පවසා තිබේ.

එහෙත් මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඩඩ්ලි සිරිසේන මහතාට මෙතෙක් අනුමැතිය හිමි වී නැත.

කලකට පසු පසුගියදා දේශපාලන කරළියට පැමිණි ඩඩ්ලි සිරිසේන මහතා දූෂණ විරෝධී සංවිධානයක් ආරම්භ කළේය.

එසේම මාධ්‍ය සාකච්ඡා තබමින් තමන්ගේ මතවාද රටට හෙළිදරව් කිරීමටද ඉදිරිපත් විය.

– deshaya.lk

19,111 Viewers

8 Comments to “ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට..?”

  1. බන්ඩා says:

    අද ශ්‍රි ලංකාවෙ සල්ලි හම්බ කරගත් බොහෝ ව්‍යාපාරිකයන්ට සිද්ධාලේප වෙදමහත්තයට හැදුන ව⁣ගේම දේසපාලන උනක් හැදිලා. ඩඩ්ලි සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඇපත් අහිමි උනොත් මම නම් පුදුම වෙන්නෙ නැහැ.

  2. බන්ඩා says:

    අද ශ්‍රි ලංකාවෙ සල්ලි හම්බ කරගත් බොහෝ ව්‍යාපාරිකයන්ට සිද්ධාලේප වෙදමහත්තයට හැදුන ව⁣ගේම දේසපාලන උනක් හැදිලා.

    පැන්ෂන් යන හැම ජනාධිපතිටම නමක් තියනවද? මෛත්‍රීට පැන්ෂන් ගියහම නමක් තියෙය් කියල මම නම් හිතන්නෙ නැත්තෙ ඔහු රනිල් සමග රටේ ආරතිකය විනාස කලා ඇරෙන්න ජනතාවට මතක හිටින්න කල හොඳ වැඩක් නැති නිසය්. ඉතින් ඩඩ්ලි සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඇපත් අහිමි උනොත් මම නම් පුදුම වෙන්නෙ නැහැ.

  3. සිරා 2 says:

    මාව ජනපති කලොත් අරලිය හාල් නොමිලේ දෙනවා . සත්තයි. අපේ පවුලේ කවුරුවත් බොරු කියන්න දන්නෙ වත් නෑ.

  4. Ariyathilaka says:

    හොදයි ! හොදයි ! ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මැතිවරණය නීතිය අනුව කාටත් , අප කාටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි .

  5. Sam Fernando says:

    I was wondering what this man was up to. Now the cat has come out of bag. Who will vote for you Dudley ? Go to Galle Face and fly a kite if you have no other work to do.

  6. well thought
    mathma,, mama support wahama konaraa@gmail. com wetha thorathuru ewanna

  7. john the baptice says:

    කිරි ඉල්ලු ජනතාවට කැදත් නැතිකල සිරිසේන තම පවුලේ බිස්නස් මාෆියාව උඩටම උස්සා තැබීය. එතෙක් තම පවුල සතු වූ හාල් , වැලි , ගල්, ගස් , හෝටල් බිස්නස් වලට අමතරව ටෙලිකොම්, නයිට් ක්ල්බ්, සහ රාජකීය කප්පම් බිස්නස් එකතු කෙරීය.

Main News