ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

June 15, 2021 at 12:00 pm | lanka C news
ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි පල වෙයි.

විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් සංසරණය වන පුවතක් නිසා මාගේ දුරකතනය අතිශයින් කාර්‍යබහුල වී ඇත. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් මාගෙන් විමසමින්, අදාල හෙලිකොප්ටරය මාගේ දැයි තොරතුරු දැනගැනීමට උත්සුක වෙද්දී තවත් පිරිසක් එය මාගේ බව හැඟවීමට බොහෝ සෙයින් උනන්දු වී කටයුතු කරමින් ඇත.

රටේ පවතිනා කෝවිඩ් වසංගතය හමුවේ මාගේ ව්‍යාපාර බොහෝමක් මේ වන විට පවතින්නේ මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරවය. විශේෂයෙන්ම මේ වන විට අරලිය ජාලයට අයත් හෝටල් සියල්ලක්ම පාහේ වසා ඇති කාලවකවානුවක, අවදානම් රැසක් දරමින් මා විසින් ජාතියට නව ව්‍යාපාර හතරක් දායාද කළේ වගකිවයුතු දේශීය ව්‍යවසායකයෙකු නිසාය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින්, රජයට සැළකිය යුතු මට්ටමේ බදු මුදල් ගෙවමින් මා විසින් සිදුකළේ රට තුළ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් උත්පාදනය කිරීම පමණය.

එහෙයින් මෙවැනි කාලපරිච්ඡේදයක අවස්ථාවාදී වෙමින් මාගේ පරිහරණය තකා පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලදී ගැනීමට තරම් මා අඥාණයෙකු නොවන බව ඔබ හමුවේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමතිය.

විශේෂයෙන්ම 90 දශකයේ මුලාරම්භයේ පටන් මා ව්‍යාපාර වලින් ලාභ ලෙස ඉපැයූ සෑම සතයක්ම ආයෝජනය කලේ මේ රට තුලය. බොහෝ ව්‍යාපාරිකයන් තම ඉහළ පරිසාධන මට්ටම් වලට ළඟා වූ පසු අන්තර්ජාතික මට්ටමේ ආයෝජන අවස්තා හඹා යාම සාමාන්‍ය දෙයක් වුවද මා එසේ නොකළේ දේශීය ව්‍යවසායකයෙකු සතු වියයුතු චින්තනයන් අගය කරමින්ය. එහෙයින්, මා විසින් රට තුළ සිදුකළ හැකි ආයෝජනයන් ලෝකයට ගෙනයනවා වෙනුවට විදෙස් ආයෝජන ලංකාවට ගෙන ඒම සඳහා මුල්තැන දී කටයුතු කළේය. විශේෂයෙන්ම, ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත හොඳම සහල් නිෂ්පාදනගාරය බිහිවූයේ එලෙසින්ය.

රටේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වුවද, බිලියන ගණනින් ව්‍යාපෘති නිම කළද, තවමත් මා නමින් ඇත්තේ ලක්ෂ 80ක ස්ථාවර තැන්පතුවක් පමණය. එයද මීට වසර ගණනාවකට පෙර මා විසින් මහජන බැංකුවෙන් ගත් ණයක් වෙනුවෙන් විවෘත කළ ධනයෝජන ගිණුමක එකතු වූ මුදල්ය. එය හැර අන් සෑම සතයක්ම මා ආයෝජනය කර ඇත්තේ රැකියා අවස්ථා දහස් ගණනින් උත්පාදනය වූ ඇති දේශීය ව්‍යාපෘති තුළය.

විශේෂයෙන්ම මා විසින් රට තුළ ඉදිකර ඇති හෝටල් සඳහා පමණක් ලබාගත් සම්පුර්ණ ණය ප්‍රමාණය රුපියල් කෝටි 850 කට ආසන්නය. එසේ තිබියදී අනවශ්‍ය ලෙස හෙලිකොප්ටර් ආදිය මිලට ගනිමින් අතිශය සැපවත් ජීවිතයක් ගත කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් මා හට නොමැති බව කිවයුතුමය.

විශේෂයෙන්ම මා මේ ව්‍යාපාර සියල්ලක්ම ගොඩනඟනු ලැබෙවේ කුඩාම තැනක සිටය. ලොරි ක්ලීනර් කෙනෙකු, ඉන්ධන පිරවුම්හළක පොම්පකරුවෙකු හා ගුවන් හමුදා සෙබලෙකු වශයෙන් ජීවිතයේ මූලාරම්භය පියවරෙන් පියවර සනිටුහන් කළ මා අද වන විට ගතකරන්නේ ඉතා සරල, එමෙන්ම සැහැල්ලු ජීවිතයක්ය. ඒ මාගේ හැටිය. ඩඩ්ලි සිරිසේන ගැන හොඳින් දන්නා සමීපතමයන් එයට සාක්ෂි දරනු ඇත.

එහෙයින් මෙවැනි අසත්‍යය ප්‍රකාශ මත පදනම්ව මා වෙත වක්‍රාකාරයෙන් සිදුකරන මෙවැනි බරපතළ චෝදනා මවිසින් බැහැර කරන්නේ පිළිකුලෙන් යුතුවය.

එහෙයින් වෙනදා මෙන් ඔබව දිරිමත් කරමින්, දියුණුව සඳහා වන දොරටු පෙන්වා දෙමින් ඉටු කළා වූ සමාජ වගකීම මොහොතකට පසෙකින් තබා මෙවැනි දුර්මතයක් වෙනුවෙන් කරුණු දැක්වීමට කාලය මිඩංගු කිරීම සම්බන්ධයෙන් මා කණගාටුව පළ කරන්නේ හදවතින්මය.

– ඩඩ්ලි සිරිසේන FB

97,543 views

24 Comments to “ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..”

  1. මේක තමයි මේ ලොකොත්තරයාගේ ක්‍රමය. තම හෙළුව වහගන්න ලොකු සළුවක් ගොතනව.
    ඕව අයියෝ ගෙං උගත් පොත්.
    අයියෝගේ බලයෙන් බැංකු ටික හුරලා අරං කුඩා සහල් මෝල් හිමියන්ට ණයදීම නවත්වා ඒ සියල්ල වැසී යන්න සැලස්සුවද නැද්ද??????
    ඉන්පසු ADB ණය කුට්ටියටම කෙලියද???? නැද්ද??????
    ඉන්පසු ආසියාවේ ලොකුම වී ගබඩාව හදා [සයිලෝස්] ලංකාවේ ලොකුම හාල් මාපි[ලා]ෆියා වුනාද???නැද්ද?????
    දැන් මේ කන්නයට පෙර රු.120ට තිබු කීරි සම්බා කිලෝවක් රු.250 ද පැනලාය.

    • රජාන්ගනේ -යය-7-BOC-පිම්පි- චාමර-සුහද මාවත says:

      මල්ලි අපි උපන් ගෙඉ සල්ලි කාරයෝ, මම අස්සරේ කරන්නේ full සල්ලිකාරයෝ පමණි
      ඉස්සර මම fun එකට රෙන්නේ පොල්කොට දෙක දාපු වැසිකිළියක. මට ඕව මතක නැ

      හවසට ලොකු මල්ලි ඔයාගනේ සෙට් වෙමුද හූ හූ හූ හූ

  2. Saman says:

    අනේ මුගෙ ජාත්‍යාලය ..ගොවින්ගෙන් කුණු කොල්ලෙට අරගෙන වැඩි මුදලට හාල් විකුණලා අධික ලාබයක් ලබනව. කාලකණ්ණි බිස්නස් කාරයො . කලුකඩ කාරයො ..කෝ බිස්නස් එතික්ස් ??? පුලුවන් තරම් රසායනික දාන්න යොමු කරල. ඔච්චරටම කැක්කුම් නම් අඩු මිලට හාල් දීපන්කෝ.

  3. පොලොන්නරු පොහොට්ටු බලකාය says:

    තුට්ටුදෙකට වී දෙන්නම්
    ගිනි ගානට බත් කන්නම්
    ඩඩ්ලිය ඔබ කියනවනම්
    පිදුරු වුනත් අපි කන්නම්.

  4. Maha sinhale says:

    හෙළයන් ධනවත් වීම අපේ සතුටක් ඒ සමගම ජනතාවට සහන ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්.

  5. N.Wimaladasa says:

    Ours ongoing system of crony capitalisms of neo- Liberal Economy being permitted you become Rich.
    Being rich person is not bad image of ours society values. Do not talk of nationalism? Or given jobs to country men and women is not unique things.

  6. Rajitha says:

    Duppath minihage bath pathatath Kelina eka

  7. Dengu Nona says:

    Munta honda paadamak ugannanna thiyenne. Epaa mahaththayo, Banku Naya ekak wath aapahu gewanna !! Haal kilo ekath rupiyal 500/- dakwaa wadi karanna munta kelawenna !!

Main News