ඩබායි අත්අඩංගුවේ සිටි කංජිපානි ඉම්රාන් ලංකාවට පිටුවහල් කෙරේ… රහස් පොලිස් අත්අඩංගුවට ගනී..

March 28, 2019 at 8:40 am | lanka C news
ඩබායි අත්අඩංගුවේ සිටි කංජිපානි ඉම්රාන් ලංකාවට පිටුවහල් කෙරේ… රහස් පොලිස් අත්අඩංගුවට ගනී..

ඩුබායි අත්අඩංගුවේ පසුවූ පාතාල නායකයකු වන ‘කංජිපානි ඉම්රාන්’ ශ‍්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඔහු කටුනායක ගුවන් තොටුපලට ලගා වූ අවස්ථාවේදීම රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

මේ වන විටත් ඔහුගෙන් රදවාගෙන ප‍්‍රශ්න කිරිම් සිදු කරන බවත් පොලිසිය කියයි.

කංජිපානි ඉම්රාන් පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායිහිදී පැවති සාදයකදී මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස 31ක් සමග අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්ද‍්‍රව්‍ය ලග තබා ගැනීම හා භාවිත කිරීම යන චෝදනා මතයි.

කංජිපානි ඉම්රාන් සමගින් ඩුබාහි සිට පිටුවහල් කරන ලද තවත් පුද්ගලයන් තුන් දෙනෙකුද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

198 views
Main News