ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගංජා ගෙනැවිත් අල්ලයි..

November 16, 2021 at 10:02 pm | lanka C news
ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගංජා ගෙනැවිත් අල්ලයි..

කංසා වගාව ශ්‍රී ලංකාවේ නීතිගත කර එය අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

කංසා වගාව අපනයනය ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කළ හොත් ණය ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමේ කිසිදු උවමනාවක් පැන නොනඟින බව ද ඇය පැවසීය.

එය අපනයන සඳහා පමණක් මිස මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම තහනම් කරමින් දැනට ඇති නීති ඒ ආකාරයෙන්ම පැවතිය යුතු බව ද ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ අයවැය දෙවන වර කියැවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

කංසා ආශ‍්‍රයෙන් සිදු කරන ලද නිෂ්පාදන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගෙන ආව ද පවතින නීති රීති හේතුවෙන් තමන්ට එය සභා ගර්භයට ගෙන ඒමට හැකියාවක් නැති වූ බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

60,591 views

16 Comments to “ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගංජා ගෙනැවිත් අල්ලයි..”

  1. ගමේ මිනිහා says:

    කංසා කියන්නේ ඔසුවක්…

  2. මගේ අති සාර්ථකවත් ත්‍ර්යිලෝක විජේපත්‍ර Promote කරනවට ඔබතුමියට මගේ හදපත්ලෙන් ප්‍රණාමය.

  3. මැදමුලනෙ මුත්තා says:

    මෙිවගේ පටිට ගොන්නු පාර්ලිමේන්තුවට සුදුසු නෑ බොලං. එංගලන්තෙ නයිටි Club වල රස්සාව කරන කාලෙ ගංජ ගහපු එවුන් තමයි මෙහෙම යෝජනා ගේන්ටන. මුංවගේ එවුන් ගෝල්ෆේස් පිටිටනිය ඉදිරියට ගෙනගොස් නිර්වස්ත්‍ර කර කසපහර ගසා පාර්ලිමේන්තුවෙන්ද එලවා දැමිය යුතුයි.

    • රාවණාලේ says:

      සජබ කියන්නෙ කේප්ප ගව පට්ටියක්. චන්දෙ දෙන එවුන්ගෙ ඉදන්ම ගොන්නු

  4. මෝඩයන්ට තේරුම් ගන්න බෑ නගෝ....! says:

    ලංකාවේ වහල් මෝඩයන් කසිප්පු විතරයි පාවිච්චිය!

    ඔව්ව රාජපක්‍ෂ මෝඩයන්ට තේරුම් ගන්න බෑ නගෝ….!

    රාජපක්ෂ ලත් කශීප්පු විතරයි පාවිච්චිය! වහල් මෝඩයන්!

  5. NuwanJ says:

    අපිට කරන්න පුලුවන් වගාවක් මත් වෙන දෙයක් විදියට නැතිව බෙහෙත් හැදීමට
    අපනයනයට හොද ඉල්ලුමක් තියන දෙයක්.

    පුහු මත නිසා අඩුව තියෙද්දි දුක්විදින ජාතියක් මේක

Leave a Comment

Main News