ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කන්නේ යයි චෝදනා..

November 28, 2017 at 10:37 pm | lanka C news
ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කන්නේ යයි චෝදනා..

මෙරට ප‍්‍රමුඛතම ජංගම දුරකන සේවා සපයන්න වන ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඩයලොග් සමාගම මහ  දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි

ඩයලොග් සමාගමේ ටී ෂර්ට් හා ඩයලොග් බලය ලත් හැදුනුම්පත් පැළදගත් පිරිසක් අද (28) දින නිට්ටඔුව  නගරයේ දී ඩයලොග් පාරිභෝගිකයින්ගේ දුරකතන වල ස්ටාර් පොයින්ට් මුදල් බවට පරිවර්තනය කිරීමට හැකියාව ඇති බව පවසා පාරිභෝගිකයින්ගේ ජංගම දුරකතනය ගෙන ඊට ඇප් ඩවුන්ලෝඩ් කර දෙනු ලබන  ප්‍රවර්ධන කාර්යක නිරත විය.

මෙහිදී ඔවුන් විසින් පාරිභෝගිකයාට අනවශ්‍ය දිනපතා මුදල් පාරිභෝගිකයාගෙන් අය වෙන ඇප් ඩවුන් ලෝඩ් කරනු ලබයි.

පාරිභෝගිකයාට දුරකතන ආපසු දෙනු ලබන අවස්ථාවේ එම දුරකතන අංකයට එන අදාල ඇප් සාර්ථකව භාගත වූ බවට වන පනිවුඩ මකා දමනු ලබයි.

මෙමගින් පාරිභෝගිකයාගේ මුදල් ගසා කනවා පමණක් නොව පාරිභෝගිකයාගේ දුරකතනයේ ඇති සියලු දත්තද ලබා ගැනීම සිදු කරනු ලබයි.

පාරිභෝගිකයින් විසින් අදාල පුද්ගලයින් නිට්ටඔූව පොලීසියට භාර දී ඇත.

මහාමාර්ගයේ දී කිසිවෙකුටත් තම ජංගම දුරකතනය නොදෙන ලෙස සියලු පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති

179 views

11 Comments to “ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කන්නේ යයි චෝදනා..”

  1. Mampage piyal says:

    අනේ බන් ඔල මොට්ටලයෝ අපේ රටේ සත පහකට වැඩක් නැති දේශපාලුවෝ අපිව හුරගෙහන කනකොට අපිට හොද සේවයක් දෙන diolog එකට මොකටද බන් බනිනිනේ බෙනපන්කෝ අනිත් උන්ට

  2. සරත් says:

    ඕක විතරක් නෙවෙයි.අපේ ෆොනේ වලට එන සමහරක් ප්‍රමෝෂන් මැසේජස් වලට වරදිලාම OK එබෙනවා.(හිතල බලන්න හරියට ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නේ නැති ,අහිංසකයින්ට වෙන දේ ) .ඊට පස්සේ සල්ලි කැපෙනවා ඇයි අපි OK එක දුන්න නේ මේවගේ වැඩ මොබිටෙල් එකෙත් වෙනවා .මම හොට්ලයින් එකට කතා කරලා බැනපු අවස්ථා එමටයි..

  3. Gayantha says:

    Godak dialog promotion karanne pradeshiya mattamai ayathana . Mekath ehema ekak wenna ona.

  4. SENARATNE says:

    DIALOG KARAYO itha darunu andamin tax, adika ayakireem magin apiwa kolla kanawa slt ekath eseemayi
    palanayata rajayak ape rate nehe.

    HETHUWA MUNTA, MUNGE GEHENUNTA, DARUWANTA ME SIYALLAMA NOMILE LEBENA NISA APE DUKA THERENNE NETHA
    LOKENMA BALUMA RATA

  5. Norata Eka says:

    Dialog හොරකමට අති දක්ශයන්, ඔවුන් ගැන මාගේ අත්දැකීම් විසින් මාව Dialog වෙතින් සම්පූර්නයෙන්ම ඈත් කරනු ලැබුවා….

  6. Chandraya says:

    I also agree with these comments. I have several experiences about these gasa keemas. I informed them and corrected my phone. After that they are requesting a feed back regarding their service.

    • Gong Baas says:

      Absolutely true. I request all Dialog customers to contact their call centre to verify what packages you are signed up for. You will realise how stupid you have been. Get all unwanted packages removed to save your money

  7. doom says:

    lanka bell fraud eka post kale naththe C NEWS harry jayawadhanata byayda ? Nodakin.

  8. doom says:

    What do you think of Lankabell IDD VOIP fraud carried out by its MD Prasad samarasinghe.

  9. Gajanayaka says:

    Api tikak nuwanin me gana balanna one. Dialog kiyanne lokayama ape langata genth dunna ayathanayak. Api ratak hatiyata yam diyunuwak laba thiyanawanam, api okkoma Dialog ekata credit eken yam pramanayak hari denna wenawa. Loku podi okkotama phone ekak ganna hambu une Diaog nisa. SLT line enna avurudu 5 – 10 bala hitapu apita, Laksha 150 deela Anith Mobile network waling phone gannakota, Dialog awilla api okkotama phone ekakin ganna puluwan hamadema ganna puluwan kala. E wage ayathana wala nama katha karana third party halparuwanta allala gahanna one. Me wade karapu Dialog nowana kerum karayo tika hire danna one.

Main News