ඩයලොග් සියළු සබදතා පැය කිහිපයකට බිද වැටේ.. ප්‍රබල සයිබර් ප්‍රහාරයක්..?
September 20, 2017 at 10:47 pm | lanka C news
ලක්ෂ 110කට ආසන්න පාරිභෝගික ප්‍රමාණයක් සහිත මෙරට ප්‍රධානතම දුරකතන සේවා සැපයුම් සමාගම වන ඩයලොග් සමාගෙම් සන්නිවේදන සබදතා අද පස්වරුවේ පැය කිහිපයක් පුරා බිද වැටී තිබින.
ඩයලොග් ආයතනයේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වල දැක්වූයේ අත්‍යවශ්‍ය යාවත්කාල කිරීමක් නිසා මෙම තත්වය මතු වූ බවයි.
කෙසේ වෙතත් සමාජ ජාල හා ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරන්නේ ඩයලොග් හි දත්ත ගබඩාව ඔවුන්ගේ පාලනයෙන් බැහැර වීම හේතුවෙන් දුරකතන ජාලය ටික වේලාවක් අක්‍රිය කර තැබූ බවයි.