ඩයිනමයිට් යොදා මසුන් මැරූ ධීවරයින් 08 ක් අත්අඩංගුවට…
April 29, 2018 at 2:24 am | lanka C news
මන්නාරම පල්ලිමුනේ මුහුදේ ඩයිනමයිට් යොදා මසුන් මැරූ ධීවරයින් අට දෙනෙකු මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අද (27) මන්නාරම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
මන්නාරමේ නාවික හමුදා නිලධාරීන් පිරිසකට අදාල ධීවරයින් ඩයිනමයිට් යොදා මසුන් අල්ලන බව නිරීක්ෂණය වීමෙන් පසුව ඒ බව නාවික හමුදා නිලධාරීන් විසින් මන්නාරම් ධීවර සහකාර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන්ව දැණුවත් කොට තිබේ.
සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමඟ ධීවර පරීක්ෂක නිලධාරීන් පැමිණෙන විට ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් පල්ලිමුනෙයි මාළු තොග අලෙවි කරණ ස්ථානයේ අලෙවි කිරීමට සූදානම් කොට තිබූ බව ධීවර නිලධාරීන් පැවසීය.
පසුව මේ පිළිබදව මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාව දැණුවත් කිරීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ද අදාළ ස්ථානයට පැමිණ ඇති අතර ඒ සියලුම දෙනා පල්ලිමුනෙයි වෙළඳපලේ විකිණීමට තිබූ මාළු ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් බවට පරීක්ෂණ වලින් තහවුරු වීමෙන් පසුව මසුන් මැරූ ධීවරයින් 08 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.