ඩයිනමෝ මෝටර කැඩුනු සජිත්ට තවත් බාල්දියක්.. අද ව්‍යවස්තා සභාවට විපක්‍ෂ නායක ලෙස නම් කර නෑ..

December 12, 2019 at 8:40 am | lanka C news
ඩයිනමෝ මෝටර කැඩුනු සජිත්ට තවත් බාල්දියක්.. අද ව්‍යවස්තා සභාවට විපක්‍ෂ නායක ලෙස නම් කර නෑ..

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී ව්‍යවස්තා සභාව රැස්වීමට නියමිතව තිබේ.

නව ආණ්ඩුව පත් වීමෙන් පසුව පළමු වතාවට ව්‍යවස්ථා සභාව රැුස්වන්නේ අද දිනයේය.

මෙම සභාව සඳහා සඳහා නිල බලයෙන් කථානායක, අගමැති සහ විපක්ෂ නායක පත්වන අතර සියලු සාමාජිකයන් ගණන 10කි.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාද කථානායක ලෙස කරු ජයසූරිය මහතා සහභාගී වුවද විපක්ෂනායක ලෙස එජාපය විසින් නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා අද පැවැත්වෙන සභාවට සහභාගී නොවේ.

ඊට හේතු වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් නිල වශයෙන් විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර නොතිබීමයි.

ඒ අනුව ව්‍යවස්ථා සභාව සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

32 views

2 Comments to “ඩයිනමෝ මෝටර කැඩුනු සජිත්ට තවත් බාල්දියක්.. අද ව්‍යවස්තා සභාවට විපක්‍ෂ නායක ලෙස නම් කර නෑ..”

  1. Rata Wenuwen says:

    සජියව රෙදි ටික ගලෙ ගහන්න -අපුල්ලන්න- ගිහිල්ල, ඒකයි හේතුව

Main News