ඩලස් අගමැති කර රට ස්ථාවර කල යුතුයි..- ඩිලාන්
May 2, 2022 at 2:10 pm | lanka C news
ඩලස් අලහප්පෙරුම වැනි අයෙකු අගමැති කර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහි කර ගත හොත් විසේද්ශ රටවල් හා සංවිධාන මෙරටට උදව් කරමින් මේ මොහොතේ ඇති අර්බුදයෙන් යම් තරමකට ගැලවීමට හැකියාව ඇති බවත් හෙතෙම පැවසීය.
හිටපු මහ බැංකු අධිපතිවරයා ආර්ථික ඔස්තාර් කෙනෙක් නොව ආර්ථික කබ්බෙක් බව පිළිගත යුතුව ඇති බව ද හෙතෙම පැවසීය.
පී බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික කබ්බන් එම ස්ථානයන්ට පත් කිරීම වැරදි තීන්දු බවද හෙතෙම පෙන්වා දෙයි.
නමුත් ප්‍රමාද වී හෝ මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට හොඳ පුද්ගලයන් පත්කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
පත්තරේ තියනවා අගමැතිකමට නිමල් සිරිපාලගේ නමත් තියෙනවා කියලා. මූ අමු හොරෙක්. විශ්‍රාම යනකොට බිලියනයක බැංකු ගිනුමක් තියෙන්න ඔින කියපු එකා. යන යන තැන කිරා බුදිද බං. මූ අගමැති වෙනවට වඩා හොඳයි කපුටු කාක් කාක් කාක්.