ඩලස්-බැසිල් මාතරදී හැප්පේ.. කංචනත් ගෑවේ..
July 7, 2022 at 2:10 pm | lanka C news
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක්රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න පත්කර තිබේ.
මේ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වී ඇති බවත් පත් කර ඇති නව සභාපතිවරයා රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වන බවත් වාර්තා වෙයි.
මීට පෙර හිටපු සභාපතිව ක්රිෂාලි මුතුකුමාරණ සභාපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශ කර ඇත්තේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් වන අතර ඒ සඳහා අමාත්‍ය කංචන විජේසේකරගේද සහාය හිමි වී තිබේ.
මේ අතර වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බවයි.
බැසිල් ඉන්නේ ධම්මික පෙරේරා ගෙය් හැරී ජයවර්ධනගෙය් සාක්කුවේ
Mea wagema CEB eka wage thiyena Anith widulibala sapaya ayathanaye lokko genath hoyala balanna. jara pappala