ඩ්‍රෙටන් වතු යායෙන් කොරෝනා ආසාදිතයන්..

October 30, 2020 at 5:30 pm | lanka C news
ඩ්‍රෙටන් වතු යායෙන් කොරෝනා ආසාදිතයන්..

හැටන් කොටගල ඩ්‍රෙටන්  තේ වතු යායේ සහ කොටගල නගරයේ නිරෝධානයට ලක් කර තිබු පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල සේවකයෙකුට සහ ඔහුගේ  ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 වෛසරය (30) දින අසාදනය වි ඇති බව පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ කම්කරුවෙකු වශයෙන් සේවය කල සේවකයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සිව්දෙනෙකු කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු කොටගල ඩ්‍රෙටන් වත්තේ (30) දින හමු වු රෝගියාගේ පෙර ආශ්‍රිතයාද පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවකයෙකු වන අතර එම රෝගියා දැනට කන්දකාඩු යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධනය වෙමින් සිටියි.

කොවිඩ් 19 රෝගය වැලදුණු නව ආශ්‍රිතයන් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානය යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

මේ හේතුවෙන් කොටගල නගරයද තවදුරටත් වසා දමා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ  

10,908 views

4 Comments to “ඩ්‍රෙටන් වතු යායෙන් කොරෝනා ආසාදිතයන්..”

  1. නාරද says:

    අනිත් පලාතුත් බස්නාහිර පළාත වාගේ නොවීවට වග බලා ගත යුතුයි. ජනපතිම උපදෙස් දෙන තුරු බලා නොඉද අදාල අය වැඩ කල යුතුයි. ඒ වාගේ අදාල ප්‍රදේශ වල ජනතාවට හැසිරීම පුරුදු කල යුතුයි

  2. Saman says:

    වායු දූෂණය ඉහල ගියා කියන්නේ බඩු ම තමා

  3. Saman says:

    ලංකාවේ මහත්තුරු නෑ ඒ නිසා ඇදිරි නීතිය දාන කොට කියලා දාන්න එපා සිංහල ගොන්නු මහත්තුරු වගේ හැසිරෙන්න දන්නේ නෑ

  4. කාන්තාර පළඟැටියා says:

    මුලින්ම සති දෙකකට රටම වැහුවනම්… බ්‍රැන්ඩික්ස් රැල්ලෙන්ම දෙවෙයි රැල්ලත් කපෝතියි…
    නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නව කියන්නෙ මේ වගේ වැඩවලට.

Main News