ඩ්‍රෝන යානයක් උඩ යැවූ ඉන්දියානුවෙක් අත්අඩංගුවේ..

April 28, 2019 at 5:30 pm | lanka C news
ඩ්‍රෝන යානයක් උඩ යැවූ ඉන්දියානුවෙක් අත්අඩංගුවේ..

ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් හික්කඩුව, තොටගමුව පාසැල අසල මාර්ගය හා මුහුදු තීරය ඡායාරූප ගත කරමින් සිටි ඉන්දියානු ජාතිකයෙකු මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සප්රාස් රියාස් මර්චන්ට් (36) නැමැති ඉන්දියානු ජාතිකයෙකි.

ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් විදේශිකයෙකු ඡායාරූප ගත කරන බවට මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති මංජුල තුෂාර මහතාට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ තොරතුරකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු සමග ඩ්‍රෝන කැමරාවත් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැමිණෙන අවස්ථාවේ සැකකරු පලා යෑමට උත්සාහ කල බවත් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව සැකකරු අත් අඩංගුවට ගත් බවත් මීටියාගොඩ පොලීසිය කියයි.

සැකකරු පසුගිය අප්‍රේල් 16 දින ලංකාවට පැමිණ තිබෙන බවත් හික්කඩුව මවුන්ටන් වේව් හොටෙල් ඇන්ඩ් සර්ෆ් හෝටලයේ නවාතැන් ගෙන සිටින බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

සැකකරු බිරිද සමග ලංකාවට පැමිණ තිබෙන බවත් පසුව ඇයද මීටියාගොඩ පොලීසියට කැදවා ප්‍රකාශක් ලබාගත් බවත් මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

පාස්කූ ඉරිදා (21) ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක හේතූන් මත දිවයින තුල ඩ්‍රෝන කැමරා සහ නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

– ජයකාන්ත ලියනගේ

29 views

One Comment to “ඩ්‍රෝන යානයක් උඩ යැවූ ඉන්දියානුවෙක් අත්අඩංගුවේ..”

  1. aiyo agamathi says:

    අගමැති තුමා කිවුවානේ ත්‍රස්ත යැයි සැක කරලා අත් අඩන්ගුවට ගන්න නීති නැහැ කියලා

Main News