ඩ්‍රෝන යානා තහනම් කෙරේ.. සියළු බලපත් අවලංගුයි..

April 25, 2019 at 8:40 am | lanka C news
ඩ්‍රෝන යානා තහනම් කෙරේ.. සියළු බලපත් අවලංගුයි..

ශ‍්‍රී ලංකාව තුල කිසිදු ඩ්‍රෝන යානාවක් හෝ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇත්තේ රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙනි.

අධිකාරිය පවසන්නේ යලි දැනුම් දෙන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි.
ඒ අනුව මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේග

172 views
Main News