NMRA ඩිජිටල් ත්‍රස්ත මගඩියේ රහස් රැසක් එළියට.. සුපිරි සමාගමක් බිත්තියටම හිරවෙයි…

September 30, 2021 at 10:40 am | lanka C news
NMRA ඩිජිටල් ත්‍රස්ත මගඩියේ රහස් රැසක් එළියට.. සුපිරි සමාගමක් බිත්තියටම හිරවෙයි…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියට වගකිවයුත්තේ පෞද්ගලික සමාගමක් වන බව මේ වන විට ඊට අදාළව සිදුකෙරෙන විමර්ශන මගින් හෙළිව තිබේ. මෙහි වගකීම ටෙලිකොම් ආයතනය වෙත පැවරීමට උත්සාහ කළත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බව මේ වනවිට ඔප්පු වී ඇත. 2017 පෙර මේ දත්ත වල වගකීම ටෙලිකොම් වෙත පැවරී තිබුණද 2017 න් පසු NMRA කටයුතු ඩිජිටල්කරණය වීමත් සමග මෙහි Hosting කටයුතු මෙරට ප‍්‍රකට සන්නිවේදන සමගමක් වෙත පැවරුණි. දත්ත පද්ධතිය භාරව කටයුතු කළේ ලංකා ටෙක්නොලොජීස් ආයතනයයි.

NMRA දත්ත මගඩිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු පසුගියදා (28)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් අතර ඊයේ දින ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. අධිකරණය හමුවේ හෙළි වූයේ මොහු ජුලි 09 වැනිදා අලුයම 3.47 සිට පැය 7ක කාලයක් සිය නිවසේදී රහසිගතව මෙම දත්ත පද්ධතියට පිවිස සිට ඇති බවත් මෙය වෙනත් පාර්ශ්වයක අවශ්‍යතාවය මත සිදුකළ ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් වන බවත් ය.

NMRA අයත් මෙරටට ඖෂධ හා උපකරණ ආනයනය කිරීමට අදාළ දත්ත 11,000 කට අධික ප්‍රමාණයක් මකා දැමීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් නොව හිතාමතාම සිදුකළ දෙයක් බව පරිගණක විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තුන්දෙනෙකුගේ සහාය ඇතිව CID කළ වෝහාරික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයේදී පැවසීය.

සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලදී මෙම දත්ත මැකීයාම තමන්ගේ අතින් සිදුවූ අත්වැරදීමක් බව සඳහන් කර සිටියද, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත චේතනාන්විතව සිදුකළ වංචාවක් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

“මෙම සැකකරු පවසනවා මෙය අත්වැරදීමක් කියලා. එසේනම් කොහොමද ඔහු දත්ත පද්ධතියට පිවිසිමට අදාළ History එක මැකී යන්නේ. මොහු දත්ත පද්ධතියට පිවිසී බවට වන ඉතිහාස සටහන් මොහු විසින් මකා දමා තිබෙනවා. මට අහන්න තියෙන්නේ තමන්ගේ අතින් අත්වැරදීමක් වුණානම් ඒක ඔප්පු කරන්න තියෙන සාක්ෂි ඇයි ඔහු විසින් මකා දැමුවේ කියලා.’ යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කර සිටියේය.

දත්ත පද්ධතියේ මෙහෙයුම් කටයුතු සදහා NMRA විසින් මසකට එපික් ලංකා ආයතනයට ලක්ෂ  05ක ගෙවීමක් කරන පසුබිමක ආයතනයෙන් ඉවත්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබු සේවකයෙකු මෙම වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවද ඔහු අධිකරණය හමුවේ පැවසීය.

සැකකරු විසින් සිදුකර ඇති වරද ඉතා සූක්ෂම අන්දමින් සිදුකර ඇති බවට පැමිණිල්ල කරුණු දක්වා ඇති බැවින් විමර්ශන සදහා සුදුසු කාලයක් ලබාදිය යුතු බව පවසමින් සැකකරු ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.

92,679 views

26 Comments to “NMRA ඩිජිටල් ත්‍රස්ත මගඩියේ රහස් රැසක් එළියට.. සුපිරි සමාගමක් බිත්තියටම හිරවෙයි…”

  1. Karunarathna says:

    ඕකත් ආමි එකට දෙන්න කරුණාකරලා.. පාරිබෝගික අදිකාරිය දක්ශ වැඩකාරයො ඉන්න ආමි එකට දීපු එකේ ප්‍රතිපල තමා දැන් අපි අත්විදින්නෙ.. පාරිබෝගික අදිකාරියේ නිවුන්හැල්ල, ඩේටාබේස් ආමි ඔපිසර් වගේ අය වැඩකාරයො වෙලා තියෙන්නෙ විනයට හැදිච්ච නිසා.. ආමි එකෙන් කරන නිරෝදායන මද්‍යස්තානෙක නිරෝදයනේ උනා නම් විනයට හැදිච්ච අයගෙ වැඩ බලාගන්න පුලුවන්.. ආමි එකෙන් දේශීය ත්‍ර්‍යිලෝක විජයපත්‍ර සප්ලයි කරන්නෙ සිටි සිටි ගාලා.. මේ පුද්ගලික අත්දැකීම් බයි මහත්වරුනි..

    • Boo says:

      දකින දකින හැම නිවුස් එකටම ගොං කතාවක් ලියන්න ඕනෙමයි කියලා නීතියක් නෑ බං. අපරාදෙ යුද්දෙ කාලෙ ඇඳක් යට රෙද්දෙ හුජ්ජ කරං හැංගිලා හිටපු එකෙක් යුද්දෙන් පස්සෙ කාගෙන් හරි අතවරයකට ලක්වෙලා කියලා මිනිස්සු හිතයි.

      • Karunarathna says:

        යුද්දෙ දින්නට අපි ගරු කාරනවා. ඒත් තොපි වගේ හැම මගුලම ආමි එකට කරන්න බැරි බවත් අපි දන්නවා
        යුද්දෙයි සිවිල් ආයතන වලයි වෙනස දන්නෙ නැති බයිසන් සත්වයෙක්

        • Karunasena says:

          Army eke inneth minissu. E ayatah umba kiyana civil minssu karana weda eetah wada hondin karanna puluwan vinayak athiwa. Umba hithanawada army eke ugath, daksha buddhimath aya ne kiyala. Umba maha gonek ban.

  2. Mora says:

    What a shame? Free publicity at its best. Headline makers! Irresponsible behavior! who says and where? Parliament, attorney general. Get a new life. Epic your bogus image covered by awards, ISO and show offs getting revealed.

  3. Simiyon says:

    තව මොන විමර්ශනද?? වෘෂණ කෝෂ දෙකෙන් එල්ලලා මඩු වලිගෙන් ගැහුවනම් මහමොළකරු නිකම්ම මාට්ටු… එක්කො මහමොළකරු දැන් දන්නවාත් ඇති…

  4. saman says:

    “මාසයකට පසු” …… බිත්තියේ තිබු පුංචි හිල ලොකුකර සැකකරැවන් බෙිරී පලාගොස් ඇත.
    ලොකුවුන හිල , අද දින මාධ්‍ය සාකච්චාවෙිදි , මහජනතාවට ඉදිරිපත් කරන ලදී.
    හිල , ගුලක් වී ඇති අයුරු , දුටු ජනතාව ගුල්පිටි විය.
    Last episode of -Tele drama-DHATHTHA MAGADIYA

  5. LalithM says:

    ඉතින් ඇයි ඔය ප්‍රධාන පෙලේ සන්නිවේදන සමාගම කවුද කියල හෙලි කරන්නේ නැත්තේ.අඩුගානේ මහජනතාව ඒක අතහැර දමයි.නියම ඳඬුවම එයයි.එතකොට වගකිවයුත්තා හෙලිදරව් වෙයි.

    • සමන්ත says:

      සන්නිවේදන සමාගමක් නෙමේ එපික් ලංකා කිියන සමාගම. මකලා තියෙන්නේ කිඔුල් කටාගේ කලේ දත්තලු.

  6. NuwanJ says:

    මෙකා රස්සාවෙන් අස්වෙන්න ඇක්තෙ ගෙම දිලා රටෙන් පනින්න වෙන්නම ඔන. වැඩේ බාර දුන්න එකාම මිනිහට රටකින් රස්සාවක් හොයල දෙනව කියනුන ඇති. බැංකු ගිනිම් ලට සල්ලි ඇවිත ද බලන්න විමර්ශන කරන අයට අමතකවෙයි බලාගන.

  7. sihala yaka says:

    අත් වැරදීම් වලින් අවුරුදු ගානක දත්ත මැකෙන්නේ නෑ. Database එකම මැකුනත් බැක් අප් තියෙනව​.

  8. සහොදරය says:

    Mr. Digital පපුවේ අමාරුව හෙදිලා සීන් එක මාට්ටු වෙයි කියල ,

  9. Nethmi De silva says:

    තව තව එලියට එයි.. රාජිත කියන්නේ කව්රුත් කැමති නැති ඇමති කෙනෙක්

  10. Self-certification..! says:

    Self-certification with trials is a complete load of hogwash. all drug companyes pedaling drugs is going to claim anything else except success!