ඩියු ගුණසේකර ඉල්ලා අස්වෙයි.. කොමියුනිස්ට් පක්‍ෂයට නව නායකත්වයක්..

August 30, 2020 at 3:50 pm | lanka C news
ඩියු ගුණසේකර ඉල්ලා අස්වෙයි.. කොමියුනිස්ට් පක්‍ෂයට නව නායකත්වයක්..

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තෝරා පත්කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිලය, නායකත්වය වශයෙන් සලකනු ලබන්නේ ප්‍රධාන ලේකම්වරයාය

පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වූ ඩිව් ගුණසේකර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් නව ප්‍රධාන ලේකම් තනතුරට වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ නම යෝජනා කළේය.

ඒ අනුව, ඒකමතිකව වෛද්‍ය ජී. වීරසිංහ මහතා පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පත්කර ගැනුණි.

– මාධ්‍ය ඒකකය

32,567 views

9 Comments to “ඩියු ගුණසේකර ඉල්ලා අස්වෙයි.. කොමියුනිස්ට් පක්‍ෂයට නව නායකත්වයක්..”

  1. Wewegadara Appuhamy says:

    The guy of Dewe Gunasekera think that so-called “Communist” Party is his private property. During the Soviet Union was exist many of Cotta Road “Communist” were in and out of Moscow by Aeroflot Flight even every other day! The Party Sectary of “Communist” was their life-time job. They were not “Communist” as they act as of
    They enjoy better life and many perks of many ways from Soviet Govt.

  2. Heman says:

    Ane hari shok.he has very obsolete cominist ideas and pro seperatist in the past

    • ටිකිටි says:

      පොහොට්ටුවට කඩේ ගිහිල්ලා ජාතික ලයිස්තුව‌ෙන් පා.ම ධූරයක් නොදුන්නාට මණ්ඩලේ කචල්…කො.ප.ය ඇම‌ෙරිකන් බැසිල්ට පාවා දුන්නා කියලා ඩිව් ලොක්කව ලේකම් කම‌ෙන් එලවන්න හදනකොට අණ්ඩපාලයා ඉල්ලලා අස්ව‌ෙලා.

  3. වයි දිස් කොලවෙරි says:

    කොමියුනිස්ට් (සමාජවාදී) කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සහමුලින්ම වෙනස් පාලන ක්‍රමයක්.
    මේ ක්‍රමයේදී රට පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂය විසින්.
    චන්දෙ ඉල්ලන්න පිලුවන් පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් අනුමත කරන කුඩා පක්ෂ වලට පමණයි.
    කොමියුනිස්ට් පක්ෂය විවේචනය කරන පිරිස් දේශද්‍රෝහීන් වශයෙන් නම් කර දඩුවම් කරණවා.
    ඒ නිසාම ජනමාධ්‍ය නිදහස අන්තිමයි.
    රජයේ ආයතන සියල්ලේම ඉහල තනතුරු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්ට පමණයි.
    රජයේ ඉහල රැකියා කරන පක්ෂ සාමාජිකයින්ට ආගමක් ඇදහීම තහනම්. ඔවුන් ඇදහිය යුත්තේ මාක්ස්වාදය පමණයි.

    චීනය, උතුරු කොරියාව තනිකර කොමියුනිස්ට් (සමාජවාදී) රටවල් වලට උදාහරණ.
    කියුබාව, වෙනිසියුලාව තරමක් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට බරයි.

  4. Mahesh says:

    ඩියු ගෙදර ගියත් Dr රනිල් ලොවෙත් ගෙදර යන්නේ නෑ.

  5. මේවා මොන News ද අප්පා! ඕං අපේ රටේ ජනමාද්‍ය නැද්ද හා ?අම්මපා!

  6. Saradiel says:

    රනිල් දැන්වත් ගෙදර යන්න ඉගන ගත යුතුයි

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඉල්ලා අස්වී වෙනත් නායකයෙක් පත් කර ගත්තේය​.ඊට අනුරූපව එජාප නායකයාද ඉල්ලා අස්වී ඔහුට වඩා බෙහෙවින් තරුණ කරු ජයසූරිය එම තනතුරට පත් කර ගන්නා ලදී.මෙතෙක් එජාප නායකයා භාවිතා කල කිහිලි කරුව නව නායකාට පිරි නමන ලදී.

  8. ගිරිගෝරිස් says:

    අනේ රනිල් වික්‍රමසිංහ මෙයාවවත් ආදර්ශයට ගත්තොත් UNP එක ගොඩ.

Main News