ඩිලාන් පෙරේරා කට හෙල්ලුවොත් දූෂණ චෝදනා මත අත් අඩංගුවට.. සියලු බී වාර්තා හදා අවසන්..

March 20, 2017 at 10:13 pm | lanka C news
ඩිලාන් පෙරේරා කට හෙල්ලුවොත් දූෂණ චෝදනා මත අත් අඩංගුවට.. සියලු බී වාර්තා හදා අවසන්..

ජාතික ලයිස්තුවෙන් පත් කර ලබා දී ඇති ඇමති පහසුකම් විදිමින් කට වහගෙන ඉන්නා ලෙස ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට ඉහළින්ම අවවාද කොට ඇති බවට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පුවත් පලවෙයි.

ගිය රජය සමයේ විදේශ සේවා හා රැකි රක්ෂා අමාත්‍ය ලෙස අමාත්‍ය බලතල යොදා රජයේ මුදල් අව භිවිතයට ගැනීමේ චෝදනාවක් ඇමතිවරයා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් කරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණවලින් පැහැදිලිවම ඔප්පු වී ඇත්තේ විදේශ සේවා කාර්යංශයේ රුපියල් මිලියන ගණනක මුදල් පෞද්ගලිකව අමාත්‍යවරයාගේ පරිහරණයට යොදා ගත් බවයි.

මේ බව ලේඛණ සහිතව ඔප්පු කොට ඇති අතර ඒ ඔස්සේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හරහා ආරම්භ කරන ලද පරීක්ෂණ අනුව ඕනම අවස්ථාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය ලේඛන සකස් කොට ඇති බැව් පසුගිය දා එජාපයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි.

231 views
Main News