ඩිලාන් පෙරේරා තියාගන්නවාද.. මා තියාගන්නවාද..- සරත් වීරසේකර තීරණයක් ගන්නැයි මහින්දට කියයි..

July 28, 2018 at 6:27 am | lanka C news
ඩිලාන් පෙරේරා තියාගන්නවාද.. මා තියාගන්නවාද..- සරත් වීරසේකර තීරණයක් ගන්නැයි මහින්දට කියයි..

තව දුරටත් ලග තබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරාද නැතහොත් තමන්දැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තීරණයඛ් ගත යුතු යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කරන ලද ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

එම සම්පුර්ණ නිවේදනය මෙසේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මගේ නම සඳහන් කර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මා සහ මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රතිවාදීන්ය.

අප නිසා දෙමළ මුස්ලිම් ජනතාව ගෝඨාභයගෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඈත් වන නිසා අපව ඉවත් කළ යුතු යැයි පවසන ඩිලාන් පෙරේරා මහතා ඊයේ දින පැවසුවේ මා එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන වෛරය පතුරවමින් මහින්ද රාජපක්ෂ බලවේගය විනාශ කිරීමට වැයම් කරන බව සහ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන් ඉටුකරන බවය.

ඩිලාන් පෙරේරා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් වාර්තමාන ජාතික ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද මන්ත්‍රීවරයෙකි. ඔහු මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමතිවරයෙක්ව සිට මහින්ද රාජපක්ෂ මහතා පරාජයවු විගස ඔහුට විරුද්ධව ගොස් එක්සත් ජාතික පකෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරත සභාවේදී එක හෙලා සහය දුන්නෙකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ 19වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ විරුද්ධ වුයේ මා පමණි. ඒකාබද්ධ විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු 19 සේ බරපතළ සංශෝධන ඉවත් කිරීමට වෑයම් කළද එයට මුළු මනින්ම සහය දුන් අයගෙන් ප්‍රධානතම කෙනෙකි ඩිලාන්.

අද 19 සංශෝධනය නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට පවා වර්තමාන රජය විසුරුවා හැරීමට නොහැක. ඩිලාන් පෙරේරා විවේචනය කරන රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයන් පහ කිරීමට නොහැක. එසේනම් වර්ථමාන දේශපාලන ව්‍යකූළ භාවයට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයිනගෙන් කෙනෙකි ඩිලාන් පෙරේරා.

ඩිලාන් පෙරේරා මට ජාතිවාදියෙක් යැයි කියයි. මම ජාතිවාදියා යැයි කියු කොටිහිතවාදී මුනිවන්තයින් ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේදී නිරුත්තර කළ මා ඩිලාන් වැනි අවස්ථාවදී දේශපාලඥයෙකුට පිළිතුරු දීමට නොයෙමි.

ජාතිවාදියෙක් යනු තමාගේ ජාතිය ගැන උතුම් යැයි සිතමින් අන්‍ය ජාතින් හෙලා දකිමින් ක්‍රියා කරන්නෙකි. අප සැමවිටම දෙමළ, මුස්ලිම් සහෝදර තාවයට සහය දී ක්‍රීයා කළා පමණක් නොව ඔවුන්ගේ ප්‍රශ්නවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී උපරිම වශයෙන් උදව් කර ඇතිතෙමු.

ඩිලාන් පවසන පරිදි ගොඨාභය වටා ජාතිවාදීන් සිටී නම් ඒන්න එන්න ඔහුවටා දෙමළ, මුස්ලිම් ජනතාව ඒක්රොක් වන්නේ කෙසේද යන්න සලකා බැලිව යුතුය. අද වනතුරු කිසිම සාමාන්‍ය දෙමළ,මුස්ලිම් පුද්ගලයෙක් අපට විරුද්ධව එකඳු වදනක් හෝ පවසා නැති අතර අපට ප්‍රශංසා කොට ස්තූති කොට කථා කර ඇති අවස්ථා බොහෝය.

අප එරෙහිවුයේ කොටි ත්‍රස්ථයින්ට පමණි. අප ක්‍රියා කරන්නේ කොටි ත්‍රස්ථයින් විනාශ කළ රණවිරුවන්ව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පවා දීමට එරෙහිවය එසේම රණවිරුවන් දිවිහිමියෙන් ආක්ෂා කළ රට ව්‍යවස්ථාවකින් බෙදා වෙන් කිරීම වැලැක්වීම පිනිසය.

විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා අද මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟට සමීපව ඉන්නේ ඒකාබද්ධ විපක්ෂ තුළ අසමඟිය, ප්‍රශ්න ඇති කොට රට බෙදන ව්‍යවස්ථාව පරාජය කිරීමට අවශ්‍ය තුනෙන් එකක ඡන්ද ප්‍රමාණය අමහිමි කොට දෙමළ බෙඳුම්වාදීන් සහ එක්සත් ජාතික පක්ෂය තමන්ට දී ඇති කොන්ත්‍රාත්තුව ඉටු කිරීමටය.

මා රටේ ඒකීයභාවය වෙනුවෙන් වසර 39ක් සක්‍රීය සේයාවේ යෙදී සිටී, යුද්ධය ජයග්‍රනය කළ හමුදාවන්ට අණ දුන් සෙම්පතියන් පස් දෙනාගෙන් කෙනෙතු ලෙස ජතියේ ප්‍රණාමය ලැබු, අදටත් රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරීයෙකි. එසේ තමා ළඟ තබා ගත යුත්තේ මාද නැතිනම් ඩිලාන් පෙරේරා යන්න තීරණය කිරීම මහින්ද රාජපක්ෂ මහතාට බාර කරමි.“

රියර් අද්මිරාල් සරත් වීරසේකර
හිටපු පාර්ලිමේන්ත මන්ත‍්‍රී

144 views

10 Comments to “ඩිලාන් පෙරේරා තියාගන්නවාද.. මා තියාගන්නවාද..- සරත් වීරසේකර තීරණයක් ගන්නැයි මහින්දට කියයි..”

  1. බ්‍රහ්මදත්ත says:

    |
    ඩිලාන් පෙරේරා යනු දේශපාලන කොන්ත්‍රාත්කරුවෙකි
    ඔහු කරන්නේ දේශපාලන භූමිකම්පා වෙනුවෙන්
    ඉඩප්‍රස්ථා සකස් කර දීමයි
    ජාතිවාදීන්ගේ රහසිගත අවශ්‍යතා වෙනුවෙන්
    පෙනී සිටින නරුම චරිත ගැන
    ජනතාව අවධියෙන් සිටිය යුතුය
    |

  2. piyasena says:

    Dilan please get out !!

  3. බන්ඩා says:

    ඩිිිිලාන් ප‌ෙර‌ේරා කියන්න‌ෙ අමු අවස්තාවාදී ප‌ෙ‌ඩරල් හිතවාදී පරයකේ. අවස්තාව‌ේ හැටියට පරයින් උවත් අද
    20 පරිාාාාජ කරන්න අවශ්‍ය යය්. නමුත් හමහින්ද ඩිලාන් වග‌ේ උන් ගනේ පරිස්සම් විය යුතුය්.

    • A Citizen says:

      The patriotic people in this country totally endorse your views and also highly appreciate your rightful commitment to the country and for your patriotism.Everyone has a right to be loyal to his country , and so long as he does not insult other races or religions , only opportunistic , hypocrites can label them as Racialists. What these idiots cannot understand
      Is , when they try to get 10 votes from the minorities by labeling the patriotic people as Racialists , they lose hundreds of votes from the majority. These power greedy politicians agree to unjust .unreasonable demands of the minorities at the expense of the rights of the majority nation.Still so called politicians have been unable to resettle the Sinhala people who were living in Jaffna and the northern province for decades prior to 30 year terrorist period. The Tamil or other community people other than Sinhalese can live happily in any part of the country , whereas the racialist Tamil politicians do not allow to resettle the Sinhala people in their previously occupied homes. The reality is these hypocritical, opportunistic politicians come to power from the votes of mainly from the majority nation ,but execute only the promises given to the minorities .Eg. Rehabilitation is meant for only the communities other than Sinhalese. It is the duty of the nation to act wisely in the elections, to bring people who can safeguard the country, to power.

  4. Ranjith says:

    Send dila home

  5. Samuvel says:

    අකිල එක්ක සහයෝගෙන් ඉන්න රනිල්ටම දීල දාමු.

  6. LION voice says:

    WELL SAID Sarath Weerasekara jayama wewaaaaaaa!!!!!

  7. දේශප්‍රේමී බහුතර ජනතාවකගේ හා ලක් මවගේ අනාගතය යන මහා ජාතික කර්තව්‍යයට උරදීමේ යුග මෙහෙවරට ජනතාව විසින් ඔසවා තබා ඇති පොහොට්ටුව රැකගැනීම එහි නායකතුමන්ලගේ වගකීමකි.
    වාසු ,වෙල්ගම,සරත්,දිලාන් වැනි මහත්වරුන්ගේ සුළු කට වැරදීම් හෝ අතපසුවීම් මහා විරසකයන් ලෙස වර්දනය නොකිරීමට එහි නායකතුමන්ලා මෙන්ම බුකියේ සහ සියලු දේශප්ප්රෙමීන් වග බලා ගත යුතුය.
    සරත් මහතා ජනතාවගේ මහා විරුවෙකු සේම දිලාන් මහතා ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද මැතිඳු අගමැති කිරීම වෙනුවෙන් මහත් වෙහෙසක් ගත්තා කාහටත් මතක ඇති.
    තමා වෙතට දෑත දිගු කොට ගෙන එන මැතිසභිකයින්ට තම සහුර්දත්වයේ දෑත දිගු කලයුතුම බව විසල් දේසපාලන ඥානයක් ඇති මහින්ද මැතිඳු හොඳින්ම දනී.
    ලෝකයේ ඕනෑම මතිසබයක විපක්ෂ නායක වන්නේ රටේ ඊළඟ නායකයා මිස රජයේ නියෝජිතයකු නොවන බව විද්වත් මතයයි.

  8. David Milli-banda says:

    Dilan Perera is a Political Prostitute.
    Admiral, do not waste your time on him.

  9. වර්නන් ගුණසේකර says:

    සරත් වීරසේකරට ප්‍රායෝගික දේශපාලනය ගැන අවබෝධයක් නැහැ. කමල් ගුණරත්නත් එවැනි අයෙක්. ජාතිවාදය සහ යුධ ජයග්‍රහණය හැමදාම මාකටි කරන්න බැහැ. මුන් බොරැවට ද්‍රවිඩ, මුස්ලිම් සහෝදරත්වය ගැන මාධ්‍ය නිවෙිදන නිකුත් කළාට තනිකරම ජාතිවාදීන්. මුන් දෙන්න රැස්වීම් වලට අරගෙන යන එක මහින්දට මෙන්ම ගෝඨාභයටද ඉදිරි ජන්දවලදි අවාසියි.
    2020 වනවිට අළුත් තරැණ ජන්ද ලක්ෂ 20 ක් විතර එකතුවෙනවා. උන්ට යුධ ජයග්‍රහණ මෙලෝ රහක් නැහැ.
    මුන් දෙන්නම පණ්ඩිතයො. මහින්ද ඔහුගේ මුස්ලිම් සහ දෙමළ හිතවතුන් එක්ක කියල මුන්ට අමිම, අප්ප නැතිව පළුයන්න බනිනවා. මහින්ද යන තැනක පැත්ත පලාතක මුන් දෙන්න ගේන්න එපා කියලයි තියෙන්නෙ.
    ඩිලාන් පෙරේරා පොලිටිකල් ගේමි එක හොඳට දන්නවා. ඌත් එක්ක මෛත්‍රීපාලත් හොඳයි, මහින්දත් හොඳයි.
    ගෝඨාභය කවදාවත්ම මෙිරටෙි ජනාධිපති වෙන්නෙ නැහැ වගේම, මහින්ද කවදාවත් සරත් වීරසේකරටයි, කමල් ගුණරත්නටයි වැදගත් තනතුරක් දෙන්නෙ නැහැ.
    ගෝඨාභයත් මුන් දෙන්න ටිකක් දුරස් කළොත් හොඳයි.

Main News