ඩිලාන් රිලවුන් පෙන්වා ඇමතිකමක් ඉල්ලයි.. දැවෙන ප‍්‍රශ්ණයක්ලු..

September 20, 2020 at 10:32 pm | lanka C news
ඩිලාන් රිලවුන් පෙන්වා ඇමතිකමක් ඉල්ලයි.. දැවෙන ප‍්‍රශ්ණයක්ලු..

රට තුළ පවතින රිලා සහ වදුරු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එය විසඳීමට රිලා ඇමතිකම හෝ ලබාදෙන්නේ නම් තමන් එය භාර ගන්නා බව ද ඔහු කියා සිටියේය

අද වන විට රිලවුන් සහ වදුරුන්ගෙන් බදුල්ල දිස්ත්‍රික්ය මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලට විශාල වගා හානියක් සිදුවන බවත් එය අස්වැන්නෙන් 60% පමණ වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැන් ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹ දිස්ත්‍රික්ක ද රිලවුන් පැමිණ ඇති බවත් ඉදිරියේදී පාර්ලිමේන්තු සංකීර්ණයටද ඇතුළු නැති බවත් ඔහු පැවසීය.

අද අලි මිනිස් ගැටුම විසදන්නට ඇමතිවරයෙක් පත්කර ඇති බවත් මැටි කර්මාන්ත, බතික් කර්මාන්ත ඇමතිවරුන් පත් කර ඇති ආකාරයෙන් රිලා ඇමතිකමත් ඇති කර එය බාර දුනහොත් තමන් එය භාර ගන්නා බව ඔහු සඳහන් කළේය.

බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

23,159 views

23 Comments to “ඩිලාන් රිලවුන් පෙන්වා ඇමතිකමක් ඉල්ලයි.. දැවෙන ප‍්‍රශ්ණයක්ලු..”

  1. SL says:

    කතාව ඇත්ත.නගර වල හිටපු රිලව් ටික ගම් වලට ගිහින් දැම්ම.දැන් පොල් ඇට්ටිය ගහෙන් මතු වෙද්දි රලව හඑ වදුර හර කාග විනාශ කරනව.අඹ,කරාඹු ,සාදික්ක ,කෙසෙල් වලටත් මේ ප්‍රශ්නෙ දරුනුවට තියෙනව

  2. appu says:

    ඔයවිදියට වගා හානි කරන කීඩෑවෝ ,කුඩමැට්ට, ගොජරි, බජිරි වලටත්, ඉත්තෑවෝ ,මීයෝ ,කක්කුට්ටෝ වලටත් ඇමති කන් ඉල්ලයි.

  3. නෙතජනී කුසුම් says:

    මොනා උනත් ආණ්ඩුවට ටොකු අනින කතාවක් ඩිලාන් කිව්වෙ ඇයි ඉතින් මේ ආණ්ඩුව
    හැම දේටම අමාත්‍යංශයක් පිහිටුවනවනේ , අමාත්‍යංශය ඉවරයක් නැ , රට දියුණු කරන
    රහස් මග ඉමක් , කොනක් නැති අමාත්‍යංශය පිහිටුවීම , දියුණු රටවල් මේ රහස දන්නේ නැ
    එකයි ඒ රටවල් වල පොඩි අමාත්‍යංශ ප්‍රමාණයක් තියෙන්නේ , ඩිලාන් මොන උනත් මුණට
    ගැලපෙන අමාත්‍යංශයක් ඉල්ලන්නේ , ඊට පස්සේ අපේ SB ත් අමාත්‍යංශයක් ඉල්ලයි ඒ රිලවුන්ට
    කෑම පහසුකම් සපයන අමාත්‍යංශයක් ඇති කරන්න

  4. අල්ලා says:

    නයි ඇමතිකමත් ඕන…

  5. sana says:

    Yes, Dilan is correct. Rural poverty is often related to monkeys & wild boars in central, Uva & sabaragamuwa provinces.

  6. Malinga says:

    Muta chiththa amati kama deela dayasiri ta rila amati kama dunna nam hari

  7. කිරිමල්දෙනිය says:

    මේක නම් සහතික ඇත්ත ඇමතියෙක් පත් කරල හරි නැතුව හරි කමක් නැ මේ රිලා ප්‍රශ්නේට නම් විසදුමක් ඕනි මයි. වගාවල් නෙමේ අඩුම තරමේ ඇඳුමක් වේල ගන්නවත් බැ.. පොල්ලක් තියන් එතන ඉන්න ඕනී.. ප්‍රශ්නේ ගැන අවධානය යොමු කරපු එක ඉතාම හොද දෙයක්…

  8. upul fernando says:

    He is the forefront Leader who dedicated to bring Mr. Maithripala n Mahinda to one accord.

  9. Modaya says:

    Why not make all 225 ministers and provide them with luxury vehicles, houses and ladies. Country will prosper as expected.

  10. Sakunthala says:

    මං දැක්කා පිංතූර වගයක් දාලා තිබුනා සමාජ මාධ‍ය වල ඊයේ මාවනැල්ල නගරයේ මී හරකෙක් කඩා පැනලා ලොකු හානියක් සිදු කරලයි කියලා. කීප දෙනෙක් ඉස්පිරිතාලෙත් නවත්වලා. නරකද හරකුන්ටත් අමාත්‍යංශයක් හැදුවා නම්?

Main News