ඩිසල් වලට භුමිතෙල් මිශ්‍ර කර බස් ලොරි ධාවනයේ.. අල්ලන්න පොලිස් මෙහෙයුම්..

July 4, 2020 at 6:48 pm | lanka C news
ඩිසල් වලට භුමිතෙල් මිශ්‍ර කර බස් ලොරි ධාවනයේ.. අල්ලන්න පොලිස් මෙහෙයුම්..

ඩිසල් ඉන්ධන වලට භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන බස් රථ සහ ලොරි රථ අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

හැටන් සිට මහනුවර , කොළඹ සහ හැටන් අවට ධාවනය කරවන පෞද්ගලික බස් රථ සහ ලොරි රථ මෙසේ පරික්ෂාවට ලක් කෙරිණ.

හැටන් සිට ධාවනය කරවන පෞද්ගලික බස් රථ සහ ලොරි රථ කිහිපයකට ඩිසල් ඉන්ධන ලබා ගැනිමේදි ඉන්ධන ටැංකියට භුමිතෙල් මිශ්‍ර කරන බවට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ නිලධාරින්ගේද උපදෙස් ලබා ගනිමින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබිණ.

1979 අංක 60 දරණ මොටර් වාහන විශේෂ විධිවිදාන පනතේ තුන්වන වගන්තිය උල්ලංඝනය කරමින් එම බස් රථ සහ ලොරි රථවලට භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන බවත්, එවැනි බස් රථ සහ ලොරි රථ ධාවනය කර රියදුරන් අත්අඩංගුවට ගැනිමට මෙම මෙහෙයුම දියත් කෙරිණ.

ඩිසල් ඉන්ධන වලට භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කිරිම , කාර්මික වශයෙන් දෝෂ සහ ආරක්ෂාවේ ප්‍රමිතිවලට අනුකුල නොවන පරිදි දැන දැනම පාවිච්චි කිරිම, ආදායම් බලපත්‍රයේ සදහන් කොන්දේසි කඩකිරිම යන චෝදනා යටතේ එවැනි අකාරයට ඉන්ධන සමග භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන රියදුරන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි මෙහෙයුම දියත් කල හැටන් රථ වාහන පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මෙම මෙහෙයුමේදි ඉන්ධන සමග භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන වාහන කිසිවක් හදුනාගැනිමට නොහැකි වු අතර මෙහෙයුමදි අඩුපාඩුකම් සහිතව රථ වාහන ධාවනය කල රියදුරන් කිහිප දෙනෙකුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමටද මෙම මෙහෙයුම දියත් කල පොලිසි නිලධාරින් කටයුතු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

0 views

7 Comments to “ඩිසල් වලට භුමිතෙල් මිශ්‍ර කර බස් ලොරි ධාවනයේ.. අල්ලන්න පොලිස් මෙහෙයුම්..”

  1. dilan says:

    අයියෝ මේ අපේ පොලිසිය දැන්ද දැනගෙන තියෙන්නේ ඕක …මෙහේ ලොරි බස් විතරක් නෙවෙයි, කාලයක් තිස්සේ ත්‍රී වීල්, මෝටර් බයිසිකල් වලටත් බාගෙට බාගෙයක් ගහන්නේ භූමිතෙල්

  2. Love nature says:

    වායුගෝලීය දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්

    01.හුස්ම ගැනීමේ අපහසුතා 02.ඇස් දැවිල්ල ඇතිවීම 03.ස්වසන මාර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග 04.මන්ද බුද්ධික දරුවන් බිහිවීම 05.ස්නායු ආබාධ ඇතිවීම 06.බෙලහීනතා තත්ව 07.පිලිකා තත්වයයි.

  3. ක්‍රිමිනල් says:

    පට්ටයි ස !

  4. B4 UNP now Gota says:

    මහබැංකු හොර අල්ලපියව්.
    පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය අල්ලපියව්

  5. Gamarala says:

    වවීනියාව, ත්‍රීකුණාමලය හා යාපනය පැත්තේ සේරම බස් දුවන්නේ භූමිගෙලෙන්.
    ඩී ඒස් ගුණසේකර, විජයරත්නමි, මාතර විජ්සූරියල, හල්පපගේගගෙ බස් විතරක් නොවෙී ටිපරැත් දුවන්නේ බූමිතෙලෙන්.

  6. Senaka says:

    Sir karanna thiyenne Oka newei… Ema system eka diyunu Karaka ehi aithiya labaganna eka