ඩීසල් නෑ… නුවරඑලියේ එලවළු වෙලදාම 60%කින් බසී.. කිලෝමීටර තුනක් දිග ඉන්ධන පෝලිමක්..

February 28, 2022 at 6:20 pm | lanka C news
ඩීසල් නෑ… නුවරඑලියේ එලවළු වෙලදාම 60%කින් බසී.. කිලෝමීටර තුනක් දිග ඉන්ධන පෝලිමක්..

ඩිසල් නොමැති විමෙන් නුවරඑලියේ එලවළු වෙලදාම 60% කින් පහල බැස ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

(28) දින නුවරඑලියේදි විශේෂ මාධ්‍යම හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තම වාහන වලට ඉන්ධන ලබා ගැනිමට නොහැකි විම හමුවේ නුවරඑලියේ එලවළු වගා ගොවිපොලවල් වලට ගොස් එලවළු මිල දි නොගත් බවත්, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු මිල දි ගැනිමට පිටතින් වාහන වලින්  පැමිණෙන වෙලදුන්ද අඩු වි ඇති බවයි.

නුවරඑලියෙන් කොළඹට එලවළු ප්‍රවාහනය කිරිම තාවකාලිකව නතර කර ඇති බවත්, ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් තම ගොවිපොලවල් වලට ජලය ඉසින ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ එලවළු වගාව හානි සිදු වි ඇති බවයි.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ , අමාත්‍ය සි.බි.රත්නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහතුන්ද දැනුවත් කල බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

එලවළු ගොවින්ගෙන් නොගැනිම හේතුවෙන් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙලදසැල් රැසක් වසා දමා තිබුණි.

මේ අතර නුවරඑලිය නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් සිමිති ඉන්ධන ප්‍රමාණයක් වාහන වලට ලබාදිම හමුවේ එම ඉන්ධන පිරවුම්හලේ සිට නානුඔය බ්ලැක්ෆෘල් මංසන්ධිය දක්වා කිලෝමිටර් 03 දුරට දිගු වාහන පොලිම් දක්නට තිබු අතර , පවත්නා තත්ත්වය මත ඉන්ධන පිරවුම්හල් අසල රථ වාහන පාලනයට පොලිස් නිලධාරින් රාජකාරි සදහා යොදවා තිබු ආකාරය දක්නට ලැබින

– හැටන් රංජිත් රාජපක්ෂ

 

14,189 views

11 Comments to “ඩීසල් නෑ… නුවරඑලියේ එලවළු වෙලදාම 60%කින් බසී.. කිලෝමීටර තුනක් දිග ඉන්ධන පෝලිමක්..”

  1. කුඹුක්කණ් says:

    දැන්වත් කැකුණ තෙල් හිදුවා හෙළ ඉන්ධන ලබා ගැනීමේ වැඩපිලිවෙලට යමු .මුලින්ම අපි එන්නත වෙනුවට හෙළ පැණියට ගියා ලෙසටම ස්නානය කොට එන්නතට ආවා ඉනික්බිති හෙළ ගොම් බෙට්ටට ගියා ලෙසටම ස්නානය කොට නැවත පෝර වලට ආවා දැන් ඉන්ධන වෙනුවට කැකුණ තෙලට ගොස් තවත් ස්නානයක් කරමු.උපදෙස් අවැසි නම් අතන මෙතන රතන රෙඩී.

  2. vuu says:

    Ane Poolim tibbama mokada…Dang apita jeewath wenda Ratak thiyanawane….

  3. Sam says:

    I thought due to chemical fertilizers shortage there weren’t any vegetables anyway. How come all of a sudden all these vegetables came out?

  4. අමාරුවෙන් හරි ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේක අන්තිම අමාරු කාලයක්. ගෝඨාභය මේ තත්වය ගොඩ දානවා නියතයි. පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. ඔක්කොටම ගොඩ යන්න පුළුවන්, නියතයි.

  5. local putin says:

    බයියො නම් කියන්නෙ සාම්පූර් හදපු නැති නිසාලු මේ ලයිට් කපන්නෙ… සාම්පූර් වල ඩොලර් ෆැක්ට්‍රියක් ද ප්ලෑන් කරලා තිබුනේ බයියනේ 😁

  6. gotas war says:

    මිනිස්සු කවදාවත් හිතන්නේ නැතිව ඇති තමන් චන්දය දීලා පත් කරපු ජනාධිපති පිස්සෙක් මානසික ලෙඩෙක් කියලා…. රටත් ඉවරයි අහින්සක මිනිස්සුත් ඉවරයි…..

  7. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද අපේ හාමුදුරුවනේ ……………

Main News