ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

February 24, 2022 at 10:22 pm | lanka C news
ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.

වරායේ රැුදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.

විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

60,414 views

13 Comments to “ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..”

  1. Balana Rala says:

    Ops……they are all part of this crisis…..We need a president who has a strong back bone. As Minister Jayasekara pointed out, that if the solar power generation is ready to supply electricity to the national grid why don’t the president orders the concerned officials to immediately go and complete the proces? Scared of them? Wow……we need a person like a Hitlor.

  2. kiki says:

    Lutho

    your job is to develop BATIK …

  3. සිසිල් සුදේශ් says:

    අපි එකතුවෙලා මෝඩයෙක් පත්කරගත්ත. දැන් ඉතින් විඳවමු. තාමත් හිට්ලර් ඉල්ලන තකතිරුවො ඉන්න රටක අරුමයක් නෙවෙයි.

Main News