ඩීසල් බවුසරයක් එයි.. බෙදාගන්න ගුටි කෙලියක්…

March 4, 2022 at 2:10 pm | lanka C news
ඩීසල් බවුසරයක් එයි.. බෙදාගන්න ගුටි කෙලියක්…

හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් අසල 3 වැනි දින රාත‍්‍රීයේ ගුටි බැට හුවමාරුවක් සිදු වු අතර පසුව පොලිසිය සහ එහි සිටි ජනතාව මැදිහත් වි එම ගැටුම සමතයකට පත් කිරිමට සමත් විය.

එදින පස්වරු 6 යේ සිට ඞීසල් නිකුත් කිරීම ආරම්භ වු අතර වාහාන පොලිම කිලෝමිටර් දෙක තුනක් යන තෙක් තිබුණි. එමෙන්ම ඞීසල් ලබා ගැනීමට කෑන් රැගත් විශාල පිරිසක්ද එක්ව සිටි අතර එකිනෙකා පොර කමින් ඞීසල් ලබා ගන්නා අතරවාරයේ එම ස්්ථානයට පැමිණ පුද්ගලයෙක් පොලිමේ නොසිට ඉන්ධන ලබා ගැනීමට ගත් උත්සාහයත් සමග එම ගැටුම හට ගත්තේ එම ස්ථානයේ හෙම්මාතගම පොලිස් ස්ථානයෙන් පැමිණි නිලධාරීන් පවා එම ස්ථානයේ රැදී සිටින අතරවාරයේදීය.

පිරිස පාලනය කර ගැනීමට එහි සිටි පොලිස් නිලධාරීන්ටද නොහැකි වු අතර එහිදි ඞීසල් ප්ලාස්ටික් කෑන් වලට ලබා ගැනීමට විශාල පිරිසක් පෙළඹුනු අතර කිලෝමිටර් ගණන් පොලිමේ සිටි වාහාන මෙන්ම දුර ප‍්‍රදේශවල සිට පැමිණි වාහාන හිමියන්ගේ රථ වලට ද ඉන්ධන ලබා ගැනීම ප‍්‍රමාද වු අතර පසුව පැය තුනකට ආසන්න කාලයක් පැවැති එම අපිලිවල වෙනස් කරනු ලැබුවේ හෙම්මාතගම පොලිසියෙන් පැමිණි පොලිස් නිලධාරී මහතෙකු විසින්ය.

ඔහු පැමිණ වාහන වලට සහ කෑන් වලට ඉන්ධන ලබා දීමට ක‍්‍රමවේදයක් යෝජනා කරන ලද අතර ඊට බොහෝ දෙනා කැමැති බව ප‍්‍රකාශ කිරීමත් සමග පිරවුම් හලේ ඉන්ධන අවසන් වන තෙක්ම ඉන්ධන ලබා දීම ක‍්‍රමවත් භාවයකින් එම පොලිස් නිලධාරී මහතාගේ මග පෙන්විම යටතේ සිදු විය.

අපිලිවල පිලිවෙලක් කිරීමට මුල් පැය කිහිපයේ සිදු නොවිම හේතුවෙන් වාහන වල දමාගෙන පැමිණි විශාල බැරල් සහ කෑන් වලට ඉන්ධන පිරවීමෙදිද එහි අවස්ථා කිහිපයකදි උණුසුම් තතවයක් ඇති විමටද හේතු විය.

හෙම්මාතගම නගරයේ ඉන්ධන පිරවුම් හල් දෙකක් ඇති අතර මේ වන විට එයින් ඞීසල් පැමිණ තිබුණේ මෙම සමුපකාර ඉන්ධන හල වෙත පමණි. දින ගණනක් තිස්සේ කිලෝමිටර් 2 ක 3 ක් දුර දවස් ගණන් රැඳි සිටි වාහන විශාල සංඛ්‍යාවකට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුයේ පිරවුම් හලේ ඉන්ධන අවසන් විම නිසාය.

සමහර දෙනෙක් ඉන්ධන ලබා ගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක්ද ඉන්ධන පිරවුම් හල ආසන්නයේම සිදු වු බවට ජනතාව පවසන ලදි. කෙසේ වෙතත් පස්වරු 6 යේ සිට ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා දීමේ ක‍්‍රමවේදයක් මෙන්ම එක් අයෙකුට නිකුත් කරන ප‍්‍රමාණයක් තිබුණේ නම් සියලූ දෙනාටම සමසේ ඉන්ධන ලබා ගැනීමට ද හැකියාව තිබුණි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

32,648 views
Main News