ඩීසල් ලීටරයකින් 37ක් පෙට්‍රල් ලීටරයකින් 23ක් පාඩුයි.. සිපෙට්කෝ තෙල් වැඩි කරන්න යෝජිත මිල මෙන්න…

October 23, 2021 at 10:00 am | lanka C news
ඩීසල් ලීටරයකින් 37ක් පෙට්‍රල් ලීටරයකින් 23ක් පාඩුයි.. සිපෙට්කෝ තෙල් වැඩි කරන්න යෝජිත මිල මෙන්න…

ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් සහ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රජයට යෝජනා කර තිබේ.

ලංකා ඉන්දීය සමාගම විසින් සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඔවුන්ගේ පාරිභෝගිකයන් ද තෙල් සංස්ථා බෙදුම්හල් වෙත එන බැවින් සංස්ථාවේ පාඩුව තවත් ඉහල ගොස් ඇතැයි සංස්ථාව පෙන්වා දෙයි.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම ඉන්ධන මිල වැඩිවීම වහා සිදු විය යුතුව ඇති බවයි.

අද වන විට ලෝක වෙළඳපළේ පෙට්රල් බැරලයක් ඩොලර් 99 දක්වා ද ඩීසල් බැරලයක් ඩොලර් 97 දක්වාත් ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

දැනට සංස්ථාවන් ඩීසල් ලීටරයකින් රුපියල් 37ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23ක් අලාභ ලබන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

29,077 views

8 Comments to “ඩීසල් ලීටරයකින් 37ක් පෙට්‍රල් ලීටරයකින් 23ක් පාඩුයි.. සිපෙට්කෝ තෙල් වැඩි කරන්න යෝජිත මිල මෙන්න…”

  1. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් පොහොට්ටුව විසින් වලපල්ලට දමමින් සිටිනවා .මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .නූතන නුගත් වහල්ලුන්ට ඕවා තෙරෙන්නෑ .උන් කිරිබත් උයාගෙන කයි .

  2. Samanth says:

    ගිය කාර්තුවට අයිඕසී ලාභාංශත් ගෙව්වා. අපි හොදින්ම දන්නවා අයිඕසීවලට වඩා මිනිස්සු යන්නෙ සෙපෙට්කෝ ඒවාට. එහෙනම් මේකෙ අලාභ වෙන්නෙ ගානේ ප්‍රශ්නයකින් නෙවෙයි. කළමණාකරණය පිලිබද ප්‍රශ්නයකින්. ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් ගැන අහන්නෙ නැති තරම්. මොකද දුර්වල කළමණාකරණය නිසා. මිල ඉහල දැම්මට මේ ප්‍රශ්නෙ විසදෙන් නෑ.

  3. Desapaluwanta anikuth ewunta Nomile dena petrol wahama nawathwana.i. million100 ithiri wenawa pension giya. Kalakanni desapaluwanta dena gewal car petrol araksayan widuliya jalaya durakathana pension nawattapalla rata bebaleyi anura ugath natakatata balaya dun wita mewa newatheyi. Rata diyunu weyi

  4. මරු ආණ්ඩුව says:

    අලි සබ්‍රි නීතියෙන් සිංහල තහනම් කරනව…
    අනෙක් ඇමතිලා බඩු මිල වැඩි කරනව…
    මරු ආණ්ඩුව…!

  5. Mr. අමුඩේ සන් says:

    මේ නිවුස් ඒකෙන් ආන්ඩුවේ හෙළුව එළිඋනා. විකිණිය යුතු පෙට්‍රල් මිල අනුව ලෝක වෙළඳපොලේ බැරල් එකක් වෙනවා රු 180 X 159 = රු 28620.00
    නමුත් ඇත්තෙන්ම පෙට්‍රල් බැරල් එක අපි ගන්නේ USD 99 x 230.00 = රු 22,770.00 .
    එතකොට ලාභය 28620-23770 = රු 5850.00
    ඒ කියන්නේ ලීටර් එකකින් රු 36.80 ආණ්ඩුව ගන්නවා. ඒකෙන් රු 10 ක් බෙදාහැරීමේ වියදම තියාගත්තා ත් තව රු 26.80 ක් ඉතුරුයි
    . යාකෝ මුන්ට දවල් හෙන ගහනවා කාලකන්නි. ඇමැති ත් එකයි තෙල් එකේ ඉන්න හොර තක්කඩි ත් එකයි.

  6. Saliya says:

    ගනන් බෑහලා තිබ්බ කාලේ අපිට වාසියක් දුනෙනේ නෑ නේ…… අපිට නිකන් දිලාද තෙල්….. සල්ලි දිලා නේ අපි ගත්තේ…..

  7. Lankaputha says:

    100 × 210 = 21000
    160 liters per barrel means 131 lkr. Even now massive profits earned

  8. මහජනයා says:

    පෙට්‍රල් බැරල්, ඩීසල් බැරල්ද දැන් ගෙන්වන්නේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවේ, හරි ෂෝක් මොල ටික, කොහොමත් ඩීසල් පෙට්‍රල් විදියට ගෙනාවම මිලවැඩිය් එහෙනම් මොකටද බොරතෙල් පිරිපහදුවක් ලංකාවේ තියෙන්නේ,අනෙක ආයතනවලට ණයට දෙන ඉන්ධන වලට මුදල් ඉල්ලගන්න එතකොට පාඩුනෑ ලාභය්, මිනිස්සු පෙට්‍රල් ගහන්නේ ණයට නෙමේ සල්ලිවලට.