ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 30යි.. බොරතෙල් 100 ආසන්නයේ.. ඉන්ධන මිල වැඩිකිරීම අනිවාර්යයි..

January 22, 2022 at 9:20 am | lanka C news
ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 30යි.. බොරතෙල් 100 ආසන්නයේ.. ඉන්ධන මිල වැඩිකිරීම අනිවාර්යයි..

මෙරට අලෙවි කරන ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ලෝක වෙඳපොලේ මේ වන බොරතෙල් බැරලයක් ඩොලර් 89 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම අගය බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500 ක් මසකට වැය කරන අතර එය ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායමෙන් තුනෙන් දෙකක් පමණ වේ.

ඒ අනුව මෙහි ඇති බරපතල තත්ත්වය තේරුම් ගත් සමස්ත ජනතාවම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙතෙක් ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මේ අතර පෙබරවාරි මාසය වන විට ශීත සෘතුව එළඹීමත් සමග ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් බොරතෙල් බැරලයක් ඩොලර් 100 ආසන්න වනු ඇති බවට පුරෝකතන ඉදිරිපත් වී ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද ඉතා දැඩිව බලපානු ඇති අතර ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් තෙල් සංස්ථාව අසීමිත ලෙස පාඩු ලැබිය හැකි අවදානමක් මතුව තිබේ.

26,128 views

12 Comments to “ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 30යි.. බොරතෙල් 100 ආසන්නයේ.. ඉන්ධන මිල වැඩිකිරීම අනිවාර්යයි..”

  1. සල්ලිකාරයා says:

    එහෙනම් මුලින්ම තොපි ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරපිය. පිනට තෙල් ගගහා තොට යන්න 4500CC වාහනයි ඊට පස්සෙ යන ගාඩ් එකේ වාහනයි ගෙදර අනික් උන්ට තියන වාහනයි. ඔක්කොම අයින් කරපිය. 225 ටම ඇල්ටො කාර් එකක් විතරක් දීපම්. පස්සෙ උන්ට කියපන් ඒකට උඹලගෙ පඩියෙන්ම තෙල් ගහපල්ලා. රජයෙන් පිනට දෙන්නෙ නෑ කියලා.

  2. මරා... says:

    තොපේ අර බයිසිකල් පැද්ද මීහරක් ටිකට ආයෙත් බයිසිකල් අරං පාර්ලිමේන්තුවට පදින්න කියපංකෝ…..තෙල් මිල අඩු කරන්න කියලා

  3. Alex says:

    WHY ARE YOU GIVING FREE TO THE USERS SILLY,

    HAI NIKANDA JANATHAWATA DENNEI ????

  4. Nalaka says:

    Aise bloody idiot gammanpila, we have a burning question. Why the hell this petrolium corporation is getting lost day by day, not because of people as we pay cash and get petrol or diesel. There are two main reasons. 1. All most all govt sector get fuel and don’t pay back. 2.too much of employees in the corporation to fulfill promises in election who ever comes as a minister. Also too much of salaries for employees.

    So don’t talk like an idiot and find solutions for above. Then this organization will run smoothly

  5. Banda says:

    The key message for Sri Lankans is…

    “ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500 ක් මසකට වැය කරන අතර එය ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායමෙන් තුනෙන් දෙකක් පමණ වේ.”

    This level of energy consumption is not sustainable for an economy of our size.

  6. Gorilla says:

    ඉන්ධන මිල වැඩි කරන්න එපා එතකොට බඩුමිල වැඩිවෙනවා. රුපියල ශක්තිමත් කරගන්න බලන්න, බැරිම උනොත් ඉන්ධන කූපන් ක්‍රමයකට යන්න. තෙල් පුච්චල විදුලිය නිපදවනවා කියන්නේ මෝඩම වැඩක් එකයි සාම්පූර් ගලගුරු බලාගාරය හදන්න තිබ්බේ. කොහෙද ඉතින් ස එකත් නැවතුවනේ. මහින්ද මහත්තයට තිබුණ මොලෙයි දුරදිග දැක්මයි ඊට පස්සෙ ආව දෙන්නටම නැ.

    • Nalaka says:

      Ane oi Mahinda ge dura dakma. Eya tamai me rata kawe… Ohe. Udiyagenada hitiye pahugiya kale

      • Gorilla says:

        මහින්ද රාජපක්ෂ නොරොච්චෝල තාප විදුලි බලාගාරය හැදුව නිසා තමයි අදටත් මේ විදිහට හරි විදුලිය තියෙන්නේ.ඊට පස්සේ ආව දෙන්නම සෝලා විදුලිය ගන්නවා කියල කිව්වා ගල් අගුරු නවත්තලා අන්තිමට සෝලාත් නැ විදුලියත් නැ. මම කියන්නේ අන්න ඒක ගැනයි.

  7. Dadoriya says:

    225 buruwata thama kiyanna tiyannhei ahsimitha lhsa vehicle bhavitawata nokaragha utubawa. Mokada buruwhak yam ghananak yanawanam ughe harasawata kiya vechele polimak yai.

  8. පොඩි රාජා says:

    හූ ………හු ……

  9. Boomithela says:

    Ea ban ado laba labalama ma ne nova?😁

Main News