ඩීසල් 25කින් ඉහලට.. රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි.. ජල-විදුලි ගාස්තු ඉහලට..- බැසිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්…
January 5, 2022 at 9:20 am | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම 3 වැනිදා පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.
රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ.
– Aruna
මොකටද IMF යන්නෙ. අපි යක්කු බොලවූ. කොලයි තීන්තයි තියෙනකන් ගහනවා සල්ලි අච්චූ.
කෙළවිච්චි රටකට ණය දෙන විට කොන්දේසි දානව තමයි. සීණි බදු අඩුකරේ IMF එකෙන් අහලද…? ඒකෙන් වාසියක් රටට ලැබුනද….? තොපි IMF නොයන්නෙ ඒ ණය වලින් හොරා කන්න බැරිවෙන නිසා.
කරුමේ
munta komiss nethi hinda IMF Yanda kamati neha , nettam janthawata karadara wei kiyala ehemanevei… anea mehemath kalakanni horu mun me mulu ratama kalaanni kara….
කෙළවිච්චි රටකට ණය දෙන විට කොන්දේසි දානව තමයි. සීණි බදු අඩුකරේ IMF එකෙන් අහලද…? ඒකෙන් වාසියක් රටට ලැබුනද….? තොපි IMF නොයන්නෙ ඒ ණය වලින් හොරා කන්න බැරිවෙන නිසා.
5000 දීලා තිබෙන්නේ මේවා වැඩිකරලා කොහොමද ටිකිරි මොලේ.
ගිය පාර IMF එකෙන් කියලා තිබුනා පාලිමෙන්තුවේ කැන්ටින් ඔක්කොම වහලා දාන්න කියලා. එතනම මාසෙකට කෝටි 300 යි. අර තිබිරිගස්යායේ තියෙන ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සුකොහ්පබෝගී මේස් එකත් වහලා දාන්න කියව්වලු. එතනම මාසෙකට ලක්ෂ 600 යි වියදම. එතන උඩ තට්ටුවේ AC තියෙන ලක්සරි කාමරයක් දවසට 300 යි. ලොක්කෝ ගණිකාවන් පවා ගෙනියන්නේ එතනට. පහුගිය කාලේ LTTE කාරයෝ පවා ඔතන නැවතිලා කාලා බීලා ගිහින් තිබුනා. පොලිසියේ IGP ට හැර අනෙක් එවුන්ට, උන්ගේ බිරින්දන්ට, අනියම් බිරින්දන්ට දෙන වාහන රියදුරන් සහ පෙට්‍රල් දීමනාව කපන්න කිව්වා. එතනම මාසෙකට කෝටි 900 යි. ඔය වගේ ගොඩක් දේවල් කපන්න කිව්වා. ඒ මදිවට 15% කොමිස් මුදලත් දෙන්න බැහැ කිව්වා
මොකා ඇත්ත කියනවාද කියල දන්නේ දෙයියෝ තමයි . හැබැයි එකක් නම් ෂුවර් . හැම එකාම ට්‍රයි කරන්නේ 10% ගන්න, සහ බලයට එන්න.
මීට වඩා හොදයි මිනිස්සුන්ට වහ ගෙවල් ගානේ බෙදලා කැමති කෙනෙක් කාලා මැරියන්. පුලුවන් කෙනෙක් ජීවත් වෙයන් කිව්වානම්. . .