ඩී.එස්. සැමරුමට ලේ දන් දීමක්…
March 26, 2017 at 2:09 am | lanka C news
මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ 65 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් ලේ දන් දීමේ පුන්‍යකර්මයක් අම්පාර නගර ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාව ආරම්භ කිරීමට පෙර, අම්පාර බස් නැවතුම්පොල ඉදිරිපිට පිහිටි ඩී.එස්, සේනානායක, අනගාරික ධර්මපාල සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු විය.
දයා සරණ සංවර්ධන පදනමේ සෞඛ්‍ය සත්කාර වැඩසටහන යටතේ නැගෙනහිර කලාපීය රුධිර මධ්‍යස්ථානය විසින් මෙම ලේ දන් දීම පැවැත්වීය.
– ජෝර්ජ් පෙරේරා