ඩී.බී. විජේතුංග ජනපතිගෙන් පසු මහනුවරට වැඩක් කලේ ඇමති කිරිඇල්ලයි..- CCTV පුජාව පිලිගෙන අස්ගිරි මහ නාහිමි කියති..

June 25, 2019 at 8:40 am | lanka C news
ඩී.බී. විජේතුංග ජනපතිගෙන් පසු මහනුවරට වැඩක් කලේ ඇමති කිරිඇල්ලයි..- CCTV පුජාව පිලිගෙන අස්ගිරි මහ නාහිමි කියති..

‘ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු මහනුවරට දැනෙන සේවයක් කලේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා’ යයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥාණරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ දින අමාත්‍යවරයා මහානායක හිමියන් බැහැදැකීමට පැමිණී අවස්ථාවේදිය.

පසුගියදා රට තුළ පැවති කලබලකාරී තත්ත්වය හේතුවෙන් කන්ද උඩරට ඉපැරණි ආගමික ස්ථානයන් ආරක්ෂා කිරීම උදෙසා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් අනුව කන්ද උඩරට උරුමය අමාත්‍යාංශය හරහා ක‍්‍රියාත්මක වන ”උඩරට උදානය” ව්‍යාපෘතිය ම`ගින් වෙන් කරන ලද රුපියල් ලක්ෂ 20කට ආසන්න ප‍්‍රතිපාදන තුළින් විශේෂ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කරන ලද මහනුවර රදගුරු නිලනිවස සහ කාර්යාලය, මල්වතු මහා විහාරය හා අස්ගිරි මහා විහාරයෙහි සවිකරන ලද ආරක්ෂිත කැමරා පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරිමෙන් පසු නිරීක්ෂණය කිරීම හා එම ව්‍යාපෘතියට අදාළ ලිපිලේඛණ භාරදීම ඇමතිවරයා අතින් ඊයේ දින සිදුවිය.

අස්ගිරි මහාවිහාරයට පිවිසෙන මාර්ගයේ පැතිබැම්ම ප‍්‍රතිසංස්කරණය කිරිම ස`දහා මුල්ගල තැබීමද මෙහිදි සිදුකෙරිණ.

ඒ අනුව මහනුවර රදගුරු අතිඋතුම් වියානි ප‍්‍රනාන්දු පියතුමන් බැහැදැක ව්‍යාපෘතියට අදාල ලිපිලේඛණ භාරදීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහානායක හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥාණරතන මහානායක හිමියන් බැහැදැක ව්‍යාපෘතියට අදාල ලිපිලේඛණ උන්වහන්සේලා වෙත භාරදුණි.

එහිදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායකහිමියන් ප‍්‍රකාශ කළේ ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු මහනුවරට හා බෞද්ධ වෙහෙර විහාරවලට දැනෙන සංවර්ධනයක් සිදුකළේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා බවත් ඒ පිළිබ`දව උන්වහන්සේලාගේ ප‍්‍රශංසාව පිරිනමන අතර ඉදිරියටත් මෙම සේවය සිදුකිරීමට අමාත්‍යවරයාට ශක්තිය ධෙර්්‍යය ලැබේවා කියා ආශිංසනය කරන බවයි.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ද ආගමික ස්ථානවල ආරක්ෂාව උදෙසා ගරු අමාත්‍යතුමන් කි‍්‍රයාත්මක කළ මෙම වැඩසටහනට සිය ප‍්‍රසාදය පලකළහ.

පසුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේ`ඩරුවේ උපාලි අනුනායක හිමියන් හා මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදුටු අතර එහිදි අමාත්‍යතුමන් ශාසනයේ අභිවෘද්ධිය උදෙසා සිදුකරන මෙම සේවාව වත්මන් තනතුරට වඩා ඉහළ තනතුරක් දරමින් තවදුරටත් සිදුකිරිමට උන්වහන්සේලා ආශිර්වාද කළහ.

– මාධ්‍ය එ්කකය

18,398 Viewers

14 Comments to “ඩී.බී. විජේතුංග ජනපතිගෙන් පසු මහනුවරට වැඩක් කලේ ඇමති කිරිඇල්ලයි..- CCTV පුජාව පිලිගෙන අස්ගිරි මහ නාහිමි කියති..”

  1. හිච්චිමහත්තෙයා says:

    පූජාවට අඳනකඩයක් කාරිය එක් කොළැයි?

  2. Anu says:

    Rajapaksha did a lot to Hambantota, Sothern province, North and East and given least priority to other parts of the country. Even though this government didn’t do much to the country, they fairly treat all the people in all provinces.

    • Me4 says:

      Please don’t drag that man, Rajapakse, for everything. This is about one minister.
      How many ministers were there from Kandy in the previous cabinet. Please talk about them.
      I think there were half a dozen.
      Compared to all of them what Mr. LK has done is laudable.

  3. Walli says:

    Yes yes, some time ago beautiful and boo diversity hotpot Hanthana mountain range has been partitioned and gives to his henchmen and the mountain range is in danger of major landslide now. CCTV system by public funds. Wake up Asgiriya. These criminals must be hanged and should not allow in to temples

  4. Walli says:

    Yes yes, some time ago beautiful and bio diversity hotpot Hanthana mountain range has been partitioned and gives to his henchmen and the mountain range is in danger of major landslide now. CCTV system by public funds. Wake up Asgiriya. These criminals must be hanged and should not allow in to temples

  5. SL says:

    ඔව් ඔව් නුවර තරුණ කොල්ලෝ විනාශ කරන කුඩු ,ගංජා නම් වැඩිවෙලා තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයත් ඉතින් වයඹ අධිවේගී මාර්ගය වෙලානේ තියෙන්නේ .

  6. kamal says:

    කිරිබත්ගොඩ ඤණානන්ද හිමියො මුලසුනට ඒයිදො
    බමුණු හිමිවරු ජයගනිදො
    පිදිය යුත්තාට පුදයිදො
    මහමෙව්නාව බැබලෙයිදො

  7. porolis says:

    asgiri malwathu thiyenakam meratata hariyannehe

  8. Gayantha says:

    මේකට පිස්සුද කොහෙද. එක සැරයක් ගොන් කතාවක් කියලා අයෙත් ඒට නොදෙවෙනි ගොන් කතාවක් කියනවා. නුවර අදිවේගේ ගහපු සල්ලි කිරිබබා දීලා ඇති ඒකයි මේ වගේ අපතයන්ට චරිත සහතික දෙන්නේ. රටේ දේශපලුවොත් එකයි ආගමික නායකයෝ යැයි කියාගන්න උනුත් එකයි. රට මෙහෙම හරි තියෙන එකත් පුදුමයි

  9. Dev says:

    Ona gonekuta CCTV denna puluwan

  10. Sun says:

    Today the people know to measure the talents of the politicians better than others. They all know the hide and seek games played by politicians and also the duality of leadership. Some talking of democracy but no sense of it even the meaning of it. Some want to come to politics to show the power. Today,s politicians cannot survive like that. At this point we need a person who is ready to sacrifice everything.Otherwise he cannot bring up the econoby. Cot down all the expenditure even to the ministers. Big cars etc. They have to be with the community to understand their problems in the community. am i correct. Check yours.

  11. HENA says:

    asgiri malwathu thiyenakam meratata hariyannehe.
    Deshapaluwanta kade yana maha nayaka warun ratata pililak… kuttiyata..wasiyata..pooja wattiyata…sepa car walata… newena.. maha… nayaka …(HO)ru..

  12. sunimal says:

    මහානුවර ඉඩම් වැඩියක්ම මුසල්මානුවන්ට චන්දේ වෙනුවෙන් දන් දුන්නෙත් මෙයාම තමයි

Main News