ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මංගලගේ ලේකම්.. මහා මත්කුඩු ජාවාරම ඇමති මංගලගේ ඔඩොක්කුවේ..- සෘජු චෝදනා එල්ල වේ..
February 7, 2019 at 10:53 pm | lanka C news
පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත්‍රික ගමන් බලපත් හිමි පුද්ගලයා වන්නේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා සදහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරන්නේ අදාල රාජතාන්ත්‍රික හැදුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් ඇමතිවරයා සමග සිටින ලේකම්වරයෙකු හරහා බවයි.
මෙම මහා මත්කුඩු ජාවාරම මෙහෙයවන අය සිටින්නේ මුදල් ඇමතිවරයාගේ ඔඩොක්කුවේ යයිද මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
කෙසේ වෙතත් තමනට එල්ල වන චෝදනා ප්රතික්ෂෙප කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ තමන්ගේ කිසිදු මාධ්‍ය ලේකම්වරයෙකු ඩුබායි සිදුවීමට සම්බන්ධ නැති බවයි.