ඩුබායි අත්අඩංගුවේ සිටි තවත් 06 දෙනෙකු පිටුවහල් කෙරේ.. මධුෂ්ගේ සහෝදරයකුත් ඒ අතර.. කටුනායකදී CID බාරයට.. පිටුවහල් කල පිරිස මෙන්න..
April 17, 2019 at 9:20 am | lanka C news
පාතාල නායක මාකදුරේ මධුෂ් සමගින් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ තවත් 06 දෙනෙකු අද ශ්රී ලංකාවට පිටුවහල් කර ඇත.
එම පිරිස අතර මධුෂ්ගේ ඥාති සොහොයුරෙකද සිටී.
අලුයම 5.00ට පමණ මෙරටට පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවාගෙන ප්රශ්න කරමින් සිටී.
අද පිටුවහල් කර ඇති පිරිස වන්නේ මධුෂ්ගේ ඥාතී සහෝදර නිලාන් රොමේෂ් සමරසිංහ, ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් හිබ්රි මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ, මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, රූපදාස සයිමන් හේවගේ යන පිරිසයි.
ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 31 දෙනාගෙන් 21 දෙනෙකු මේ වන විට ලංකාවට පිටුවහල් කර ඇත.